නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් "යතිවර හර සර පුණ්‍ය මහොත්සවය"

    ජනවාරි 13, 2016
    තමන් දකින්නේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වෙනසක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.  
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කලේ   පළමු වර්ෂ පුර්ණ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පොලොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේ පැවති පුලතිසි මහා ථෙර සංසදය මගින් සංවිධානය කරන ලද "යතිවර හර සර පුණ්‍ය මහොත්සවයට එක්වෙමිනි.   
     
    තව දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ මේ රටේ ජීවත්වන ඉස්ලාම්,හින්දු, කතෝලික හා බෞද්ධ යන සියලු ජන කොටස් යහපත්ව ජීවත් වීමේ රටක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවය. 
     
    පුජ්‍ය කදුරුවෙල ධම්මපාල නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවටඋතුරු මැද මහ ඇමති පේෂල බණ්ඩාර ජයරත්න,  වාරි මාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන  මහත්වරු  ඇතුළු පාර්ලිමේන්තු ,පළාත් සභා මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya