80 දශකයේ දී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා තරුණ තරුණියන් අතර මහත් ජනප්‍රියත්වයට පත් ගායකයෙකි.
ඔහුගේ අසනිප තත්ත්වය පිළිබඳ දැන ගත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා (11) වන දා සවස ප්‍රියන්තගේ සුවදුක් බැලීම සඳහ ඔහු ප්‍රතිකාර ලබන රෝහලට ගොස් සුවදුක් විමසා මූල්‍යමය ආධාර පිරිනැමීම සිදු කළේය.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ආයතන වල මූල්‍යමය අනුග්‍රහයෙන් මෙම ආධාර මුදල පිරිනැමිණි.
ප්‍රින්ස්ගේ නැගණිය වන ශිරෝමි ප්‍රියංගිකා මහත්මිය වෙත අදාළ චෙක්පත භාරදීම සිදු කෙරිණි.