ඉදිරි අධ්‍යාපන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමත්,ගත වූ වසර තුළ ක්‍රියාවට නැංවූ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමත් අරමුණු කරගනිමින් ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රටේ අධ්‍යාපන පද්ධතියේ තීරණාත්මක වෙනස්කම් රැසක් කරන්නට පසුගිය වසර තුළ හැකියාව ලැබුණු බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ තීන්දු තීරණ ගත යුත්තේ ඉතා ප්‍රවේශමින් බවත්, අවදානම නොතකා ඇතැම් තීරණ ගන්නට සිදුවන බවත් මෙහිදී ප්‍රකාශ කළේ ය.
පසුගිය වකවානුව තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීම්වලට ප්‍රධාන හේතූන් වූයේ, පාසල්වල විදුහල්පතිවරුන්ගේ ක්‍රියාකලාපය, කළමනාකරණ හා පරිපාලන දුර්වලතා, ඉවක්බවක් නැතිව කළ දේශපාලන පත්වීම්, පත්වීම් ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය ආදිය බවත්, මේ තත්ත්වය වෙනස් කරන්නට අමාත්‍යවරයා වශයෙන් තමා සූදානම් බවත් කියා සිටියේ ය.
අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ප්‍රධාන ගැටළුවක් ලෙස ගුරු තුලනයක් නොමැතිවීම හඳුනාගෙන ඇති බවත්, ඒ ඒ විෂයයන්ට අනුව, එක් එක් පාසල්වල පවතින ගුරු හිඟය පියවන්නට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යූහාත්මක වෙනස්කම් නොකර අධ්‍යාපනය නගාසිටුවීම අසීරු බවත්, විශේෂයෙන් ම පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ දී චක්‍රලේඛ උපදෙස් පිළිනොපදින පාසල් ප්‍රධානීන්ට එරෙහිව පුද්ගල තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමා කිසිවිටෙකත් පසුබට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය
මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය වසරක් තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සහ අමාත්‍යාංශය ඉදිරියේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිළි කළේ ය.