මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට සහය ලැබෙන නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා Featured

    ජනවාරි 11, 2016

    රැකියා උත්පාදනය කිරීමට නම් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි.ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට සහය ලැබෙන නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ ය.


    2016 ජනවාරි මස 10 වන දින අරලියගහ මන්දිරයේ පැවැති යොවුන් පාර්ලිමේන්තුවේ සහ යෞවන සමාජ සම්මේලනයේ සාමාජික සාමාජිකාවන් හමුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    සම්පූර්ණ කතාව මෙසේ ය.

     

    ජනවාරි 08 වෙනිදා විප්ලවයට දැන් අවුරුද්දක් සම්පූර්ණයි. මේ අවුරුද්දේ අන්තිම සතිය ඒ කියන්නේ 52 වෙනි සතිය ඉතා
    වැදගත් එකක්. පකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් මහතා ලංකාවේ සංචාරය කළා.ගිය සෙනසුරාදා නව ව්‍යවස්ථාව සකස්
    කිරීමේ ක්‍රමවේදය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක
    මණ්ඩලයක් හැටියට කටයුතු කරනවා.

     

    ඒ පිළිබඳ විවාදයත් අප ආරම්භ කළා. නව ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. මානව හිමිකම් ආරක්‍ෂා
    කරනවා. ජාතික සංහිඳියාව තහවුරු කරනවා.මේ වසර අවසන් වන වීමට පෙර අප 21 වැනි ශත වර්ෂයට ගැලපෙන
    ව්‍යවස්ථාව සකස් කරලා ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඔබේ කැමැත්ත ඉල්ලනවා.

     

    පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ශ්‍රී ලංකා ආර්ථික සමුළුව පැවැත්වුණා. මේ සඳහා මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස්,
    මහාචාර්ය රිකාඩෝ හවුස්මාන්, ජෝර්ජ් සොරොස් වැනි ජාත්‍යන්තර ආර්ථික ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහ ව්‍යාපාරිකයන්
    සහභාගී වුණා.

     

    ඔවුන්ගේ තක්සේරුව වුණේ 2016 වසරේ ලෝක ආර්ථිකය පසුගාමී තත්ත්වයකට පත්විය හැකි බවටයි. මෙම අවදානමට අප
    මුහුණ දිය යුතුව තියෙනවා. නමුත් ලංකාව ගැන ඔවුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී සම්මුතිවාදී
    ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නිසා මේ විශ්වාසය ඇති වී තිබෙන්නේ. 2016 වසරේ දී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන
    ස්ථාවර බව පිළිබඳව මුළු ලෝකයම විශ්වාසය පළ කරනවා. සම්මුතිවාදී ආණ්ඩුව මේ රටේ ප්‍රධාන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා
    දෙන බවට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙය සුබ ලකුණක්.

     

    අපි පසුගිය වසරේ වැඩි අවධානයක් යොමු කළේ දේශපාලන කටයුතු සඳහායි. රටේ දේශපාලන පරිසරය වැදගත් හා
    ශීලාචාර බවට පත් කරන්නට දින 100 වැඩ සටහන අප ක්‍රියාත්මක කළා. මේ අලූත් අවුරුද්දේ අපි මූලිකත්වය දෙන්නේ ඔබ
    මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයන්නටයි.

     

    මම කතා කරන්නට යන්නේ ආර්ථික සංකල්පයක් ගැන නෙවෙයි. ඔබේ බලාපොරොත්තු ඉටු කරන ආර්ථික සංවර්ධන වැඩ
    සැලැස්මක් ගැනයි.මොනවද ඔබේ බලාපොරොත්තු?

     

    1. ඔබට හොඳ පාසැල් අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබේ දෙමාපියන් බලාපොරොත්තු වෙනවා.

    2. අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් ලබා ගැනීමට සුදුසුකම් සපුරාලන වෘත්තීය පුහුණවක් හෝ

    උසස් අධ්‍යාපනයක් ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවාග ඔබ අපේක්‍ෂා කරනවා.

    3. ඔබේ බලාපොරොත්තුවත් හොඳ රැකියා අවස්ථාවක් ලබා ගැනීමයිග

    4. රැකියා කරන අයගේ බලාපොරොත්තුවල තමන්ගේ වෙහෙසට හා කැපවීමට සරිලන වැටුපක්

    සහ වරප්‍රසාද ලබා ගැනීමයි.

    5. තමන්ට ජීවත් වීමට සුදුසු නිවසක් තමන්ටම කියා අයිති කර ගැනීමේ බලාපොරොත්තුවක් හැම

    කෙනාටම තිබෙනවා.

    6ග දැරිය හැකි මුදලකට බේත් හේත් සහ හොඳ සෞඛ්‍ය සේවාවක් බලාපොරොත්තු වෙනවාග

    7. විශ්‍රාම ජීවිතය හොඳින් ගත කිරීම සඳහා මුදලක් ඉතුරු කර ගැනීමටත් ඔබ

    බලාපොරොත්තු වෙනවා.

    8. තරුණ ඔබ විවාහ වී දරුවන් ලැබීමෙන් පසු ඒ දරුවන්ට ඔබටත් වඩා යහපත් ජීවිතයක් ලබා දීමට ඔබ බලාපොරොත්තු
    තියෙනවා.

     

    අප මේ ආර්ථික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ ඔබට තිබෙන ඒ බලාපොරොත්තු ඉටු කර දෙන්නටයි. ඔබේ ජීවිත
    යහපත් කරන්නටයි. ඔබේ ජීවිතය පහසු කරන්නටයි.

     

    1963 අවුරුද්දේ අපේ පක්‍ෂය විශේෂ යෝජනාවක් සම්මත කරගත්තා. ඒ යෝජනාව සම්මත කර ගත්තේත් ඔබට යහපත්
    ජීවිතයක් ලබා දීමටයි. ඒ යෝජනාව සාරාංශ ගත කළොත් මෙන්න මෙහෙමයි.රැකියාල ධනය හා සෞභාග්‍යය ආදී ප්‍රබල
    ශක්තීන් නිර්මාණය කරන්නාවුද, දේශපාලන හා ආර්ථික බලය පුළුල් ලෙස ව්‍යාප්ත වීම සහිතක කරන්නා වුද, ජනතාවගේ
    ආගමික හා සංස්කෘතික අභිලාෂයන් මුදුන්පත් කරලීමට අවකාශ සලසන්නා වුද, දුගී බවින් තොර වුදල නිවැරදි දියුණුවීමේ
    අභිලාෂයන්ට රුකුල් දෙන්නා වූද, අලූත් දෙයක් කිරීම සඳහා කෙරෙන ප්‍රයත්නයන්ට අනුබල දෙන්නා වූද, සම්‍යක්
    ව්‍යායාමයන්ට ජයග්‍රහණය ලබා දෙන්නා වූද, නිදහස් ස්ත්‍රී පුරුෂයන්ගෙන් සැදුම්ලත් නිවහල් සමාජයක් බිහි කිරීම” එම
    යෝජනවයි.

     

    දැන් අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, අනෙක් දේශපාලන පක්‍ෂත් එකතු කරගෙන අප කටයුතු කරන්නේ අන්න ඒ ආකාරයට
    ඔබේ ජීවිත යහපත් කරලීමටයි. මධ්‍යම පන්තිය ශක්තිමත් කරන්නයි. පුළුල් කිරීමටයි. අඩු ආදායම් ලබන අය වැඩි ආදායම්
    ලබන තත්ත්වයට ඉහළ නංවන්නටයි. දුප්පත්කම තුරන් කරන්නටයි.

     

    අඩු අදායම් ලබන අයට ඉහළ නැගීමට අවස්ථා සැලසෙන හිණි මගක් අප තනා දෙනවා. ඒ නිසා තමයි අපි රැකියා ලක්‍ෂ 10 ක්
    බිහි කිරීමට මූලිකත්වය දෙන්නේ. අද අපේ රට ලබන ආදායම සම්පූර්ණයෙන්ම වගේ වෙන්වෙන්නේ ණය ගෙවන්නටයි.

     

    සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ තවත් ණය වෙලාග එවැනි පසුබිමක අලුත් රැකියා නිර්මාණය කරන්නට
    දේශීය හා විදේශීය ආයෝජන ලබා ගැනීම අවශ්‍ය වෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ ආයෝජකයන් ලංකාවට ආවේ නෑ.
    මෙරට රැකියා උත්පාදනය කිරීමට නම් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. අපි ආයෝජකයන්ට අපේ රට ගැන
    විශ්වාසයක් ඇති කරනවා.ආයෝජන සඳහා සුදුසු පරිසරයක් ලංකාවේ නිර්මාණය කරන එකයි අපි ගිය අවුරුද්දේ ආරම්භ
    කළේ.

     

    ඒ එක්කම අපිට ආර්ථික සංවර්ධන අධි කලාප පිහිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙලා තිබෙනවා.
    හම්බන්තොට දැනට අපි අධි කලාපයක් හැටියට හඳුනා ගෙන ඒ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම හොරණ ආශ්‍රිතව
    රයිගම අධි කලාපයත්, දිවුලපිටිය හා කුලියාපිටිය අතර මහඔය අධි කලාපයත් දැන් ආරම්භ කිරීමට සැලසුම් හදාගෙන
    යනවා.

     

    ඇඟළුම් කර්මාන්තයට සීමා නොවී අලූත් අලූත් කර්මාන්ත මේ කලාපයන්ට හඳුන්වා දෙනවා. වැඩි පඩි සහිත රැකියා එමගින්
    උත්පාදනය කරනවා. ඇතැම් විට වාහන නිෂ්පාදන කර්මාන්තශාලා, විවිධ භාණ්ඩ නිෂ්පාදන ආයතන අප ඇති කරනවා.
    ලෝකයට භාණ්ඩ නිශ්පාදනය කරන කර්මාන්තශාලා මේවා විශාල කලාප. කටුනායක, බියගම වගේ තුන් හතර ගුණයක්
    විශාල කර්මාන්ත හා තාක්‍ෂණ සංවර්ධන අධිකලාප පිහිටුවීම අපේ අරමුණයි.

     

    සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහාත් අප වෙහෙසෙනවා. පසුගිය සතියේ එක්සත් රාජධානියේ ෆිනෑන්ෂියල් ටයිම්ස් පත්‍රය
    සහ කොන්ඩෙනාස්ට් සංචාරක සඟරාව කියා සිටියේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරකයන්ට හොඳ ගමනාන්තයක්
    කියලයි. එංගලන්තයේ ගාඩියන් පුවත් පත ද මේ බව සඳහන් කොට තිබුණා. විශේෂයෙන්ම අප බෙන්තර ජෙෆ්රි බාවා
    මහතාගේ නිවස ආශ්‍රිතව සංචාරක කලාපයක් නිර්මාණය කරනවා.

     

    සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. හික්කඩුව, ගාල්ල මිරිස්ස ආශ්‍රිතව සංචාරක කලාපය අප පිහිටුවනවා.

     

    නැගෙනහිර පළාතේ නිලාවැලි සංචාරක කලාපය, පාසිකුඩා සංචාරක කලාපය, යාපනය සංචාරක කලාපය,මහනුවරල
    බදුල්ල, නුවරඑළිය ද ඇතුළත්ව සංස්කෘතික ත්‍රිකෝණ සංචාරක කලාපය අප දියුණු කරනවා. ඔවුන් එම ප්‍රදේශවල දවස් 3ල 4
    ක් ගත කර මුදල් වියදම් කරන වැඩසටහන් ඇති කරනවා.විශාල පරිමාණයේ හෝටල් පමණක් නොව ඒ හෝටල් ආශ්‍රිතව
    කුඩා ව්‍යාපාරයන් දියුණු කරගන්නත් අප පහසුකම් ලබා දෙනවා.

     

    තොරතුරු තාක්‍ෂණ කලාපයන්ද අපි ඇති කරනවා. ඒ සඳහා යටිතල පහසුකම් ලබා දෙනවාග පළමු වැන්න මාලඹේ ආශ්‍රිතව
    ඇති කරන තොරතුරු තාක්‍ෂණ කලාපයයිග නවීන තාක්‍ෂණ දැනුම වගේම, තාක්‍ෂණයට අදාළ පර්යේෂණ සහ නිෂ්පාදන මේ
    කලාපයන් තුළ දිරිමත් කරනවා. ලංකාව ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් කිරීම අපගේ අරමුණයි. හොංකොංල ඩුබායි ආදී මූල්‍ය
    මධ්‍යස්ථානයක් බවට ඉදිරියේදී ලංකාව පත්වනු ඇත.

     

    වරාය නගරයේ අප මූල්‍ය කටයුතු කලාපයක් පිහිටුවනවා. විශේෂ බැංකු මේ කලාපයේ ස්ථාපිත කරනවා.මේ සියල්ල කරද්දී අපට මතුවෙන ගැටළුවක් තියෙනවා. ඒ තමයි පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයග විශේෂ වෘත්තීය නිපුණතාවය, ඉංග්‍රීසි වැනි භාෂා පිළිබඳව නිපුණතාවය ඇති ශ්‍රමිකයන් බිහි කර ගත යුතුයි. මේ හිඟය ඉතා ඉක්මණින් මග හරවා නොගතහොත් එය ආයෝජනයට විශාල බාධාවක් බව කිව යුතුයි. ඒ සඳහාත් අප වැඩ පිළිවෙලක් සකස් කර තියෙනවා. සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නිරෝෂන් පෙරේරා ඇමතිවරුන්ගේද සහය ඇතිව අප කඩිනම් පුහුණුව සඳහා කඩිනම් වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. යොවුන් සේනාංක ද නැවත දියුණු මට්ටමින් ඇරඹිමට අප කටයුතු සම්පාදනය කර තිබෙනවා.

     

    ලෝක ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් වාසය කරන්නේ මහා නගර වලයිග ගෝලීය දළ දේශීය
    නිෂ්පාදනයෙන් 80‍% ටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නේ මේ මහා නාගරිකයන් තුළයි.

     

    අපි බස්නාහිර පළාතේ මහා නාගරිකයක් පිහිටුවනවාග ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා දකුණු ආසියාවේ පරිසර හිතකාමී,
    පිවිතුරු මහා නාගරිකය බවට එය පත් කරනවා. සිංගප්පූරුව සහ ඩුබායි අතර ඉන්දියන් සාගරයේ මධ්‍යයේ ඇති විශාලම
    නගරය බවට මෙම මහා නගරය පත් කරනවා. මෙහි වැඩ අවසන් කිරීමට වසර 20 ක් 25ක් පමණ ගත වේවි. එහි වාසිය
    අත්වන්නේ තරුණ තරුණියන්ටයි.

     

    එමෙන්ම අනාගතය ගැන කල්පනා කොට නිවාස ලක්‍ෂ 5 වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සෑම රජයේ සේවකයෙක්ම,
    මධ්‍යම පාන්තික පුරවැසියෙක්ම නිවාස හිමියෙක් බවට පත් කරීම අපේ අරමුණයි. වතුකම්කරුවන්ගේ නිවාස ප්‍රශ්නය
    සම්පූර්ණයෙන්ම අප විසඳනවා. අඩු ආදායම් ලාභීන්ටද නිවාස යෝජනා ක්‍රම ඇති කරනවා. අද බොහෝ අය ජීවත් වන්නේ
    ඉඩම්වලට සින්නක්කර අයිතිය නොමැතිවයි. මේ සියලූම දෙනා හට සින්නක්කර ඔප්පු ලබාදීමේ නීතිය මේ වසරේදී ගෙන
    එනවා. ආණ්ඩුවේ තට්ටු නිවාසවල ජීවත් වන අයට ද එම නිවාසවල හිමිකම ලබා ගැනීමේ වැඩසටහනක් ඇති
    කරනවා.

     

    ගමේ ආර්ථිකය නංවාලීමටද අප විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. රටේ තියෙන ගම්මාන සියල්ලම සංවර්ධනය
    කිරීම අපේ ඉලක්කයක්. ඒ සඳහා ග්‍රාමරාජ්‍ය කේන්ද්‍ර ස්ථාපිත කර ක්‍රියාත්මක කරනවා. මෙමගින් ගමේ ආර්ථිකය ඉහළ
    නැංවීමේ සැලසුම් ක්‍රියාවට නංවනවා.

     

    සියළු ගම්මාන ඇතුළත් වන පරිදි පොකුරු ගම්මාන 2500 ක් පිහිටුවනවා. මේ පොකුරු ගම්මාන සඳහා අංග සම්පූර්ණ ග්‍රාමීය
    වෙළඳපොල ආර්ථික ඒකක ස්ථාපිත කරනවා. ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර ඇති කර ඒ ප්‍රදේශවලට වෙනම ආර්ථික වැඩසටහන් දියත්
    කරනවා. ග්‍රාම වෙළෙඳපොළ ඇති කර මේවා පාලනය කරන්න ග්‍රාම රාජ්‍ය සභාවක් ඇති කර මේ රටේ ග්‍රාම නිලධාරී
    කොට්ඨාශ 14000 කට ග්‍රාම රාජ්‍ය 2500 කට අනුව සංවිධානය කරනවා.

     

    මේ අනුවම ග්‍රාමරාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500 ක් ද පිහිටුවනවා. අපට කෘෂිකර්මය සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක්
    තිබෙනවා.පළමුවෙන්ම අප අපනයන කෘෂිකර්මයත් හඳුන්වා දිය යුතුව තිබෙනවා.ඒ සඳහා තාක්‍ෂණික දැනුමක් ලබා දිය
    යුතුයි. ඒ සඳහා මේ වසරේදී වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

     

    වර්තමානයේ තේල රබර් සහ පොල් කර්මාන්තයන් මුහුණ දෙන ගැටළු ගැනත් අපේ අවධානය හා සැලකිල්ල යොමු වී
    තියෙනවා. ලෝක වෙළඳ පොලේ තේ සහ රබර් මිල පහත වැටෙද්දීල එය දේශීය වගාවන්ට තදින්ම බලපානවා. මෙවැනි
    අවස්ථාවන්ට මුහුණ දිය හැකි ආකාරයට අප මේ වගාවන් ශක්තිමත් කළ යුතුයි. අපට අවශ්‍ය ලෝකය සමග තරග කළ හැකි
    කෘෂි ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමයි. ඊට උචිත පියවර ගැනීමට අප ක්‍රියා කරනවා.නැතිනම් මේ වසරේදී මෙන් වී අස්වැන්නේ
    අතිරික්තයක් ඇති වූ විට ගැටලූවලට මුහුණදීමට සිදු වනවා.

     

    ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදනවල ජාත්‍යන්තර ප්‍රමිතිය හා තරගකාරීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සේවා සහ පහසුකම්
    අප ලබාදෙනවා. කුඩා ධීවරයන්ට විශේෂ පහසුකම් ලබා දෙනවාග ධීවර කර්මාන්තය පුළුල් වශයෙන් සිදු කෙරෙන ප්‍රදේශවල
    ධීවර සංවර්ධන කලාප පිහිටුවනවා. එමෙන්ම ධීවර නිෂ්පාදන අපනයනය සඳහා ද අප වැඩ සටහනක් සකසනවා. යුරෝපා
    සංගමයෙන් ලංකාවේ ධීවර නිෂ්පාදන තහනම් කර තිබුණා. මේ වසර අවසන් වන විට එම වෙළෙඳපොළ ද අපට ලැබේවි.

     

    යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ආර්ථිකය ද ගොඩනැංවිය යුතුයි. එහි තරුණ තරුණියන්ට ද රැකියා අවස්ථා
    උත්පාදනය කළ යුතුයි. ඔවුනට අහිමි වූ ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දිය යුතුයි. මේ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා මේ
    අවුරුද්දේ ජපානයේදී උතුරු නැගෙනහිර සම්මේලනය පිහිටුවා විදේශවලින් ආධාර ලබා ගෙන ශීඝ්‍ර සංවර්ධනයක් අරඹනවා.
    මේ සඳහා අප නීති පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. යල් පැන ගිය නීති ඉවතලා ශක්තිමත් නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතු
    වනවා.මේ ආර්ථික සංවර්ධන කටයුතු වේගවත්ව හා විධිමත්ව සිදු කරලීමට වර්තමානයේ පවත්නා නීති රීති ප්‍රමාණවත්
    නැහැ.

     

    ඒ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට සහය ලැබෙන පරිදි නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට අප
    බලාපොරොත්තු වෙනවා.සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත සහ වෙළඳ සහ ආයෝජන පහසුකම් සැලසීමේ පනත අප
    ඉදිරිපත් කරනවා. මේ පනත් මගින් ආයෝජන දියුණු කරලීමට අවශ්‍ය පසුබිම සැකසෙනවා. වෙළඳ සහ ආයෝජන කටයුතු
    පිළිබඳ තීරණ එක් තැනකින් ගැනීමේ අවකාශ මේ පනත් මගින් ලැබෙනවා.ඊට අමතරව, මෙගාපොලිස් පනතල නගර සහ
    ග්‍රාමීය සංවර්ධන පනතල තිරසර සංවර්ධන පනත, ඉඩම් සහ නිවාස හිමිකම් පනත, නිවාස ඒකක හිමිකම් පනත ළඟදීම
    සම්මත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

     

    මේ ආර්ථික සංවර්ධනයට සමගාමීව අප අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් වර්ධනය කිරීමටත් පියවර ගන්නවා.
    පසුගිය කාලයේම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන සැලකිල්ලක් දක්වා තිබුණේ නෑ. අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු
    සම්පතක් විධිමත් ලෙස ලබා දුන්නේ නෑ. මේ නිසා අධ්‍යාපනය කඩා වැටුණා. විභාග ක්‍රමය ගැන විශ්වාසය බිඳ වැටුණා.
    අධ්‍යාපන පරිපාලනය දුර්වල වුණා.මේ නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා අප ක්‍රියා කරනවා. නවීන
    ලෝකයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණ කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

     

    දියුණු පාසැල් සහ නොදියුණු පාසැල් අතර ලොකු පරතරයක් තියෙනවා. මේ පරතරය අඩු කිරීම සඳහා අප පාසැල් සැලසුම්
    මණ්ඩල පිහිටුවනවා. මේ මණ්ඩලයේ වාර්තාවන් අනුව ඒ ඒ පාසැල්වලට අවශ්‍ය පහසුකම් ලබා දෙනවාග ගුරුවරු ලබා
    දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ සහ පළාත් අමාත්‍යංශ වල මුදල් වියදම් කරන්නේ මේ වාර්තාවට අනුවයි.

     

    අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ සැලසුම් දැන් සකස් කරනවා.උසස් අධ්‍යාපන කටයුතු සඳහාත් අප විශේෂ
    සැලකිල්ලක් දක්වනවාග විශ්ව විද්‍යාල පද්ධතිය වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් අදාළ සංවිධාන සමග
    සාකච්ඡා කොට වැඩ පිළිවෙලක් සකස් කරනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම
    සඳහා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදෙනවා.

     

    නව තාක්‍ෂණික අධ්‍යපන ක්‍රමයක් හඳුන්වා දෙන්නටත් අප ක්‍රියා කරනවාග අලූත් තාක්‍ෂණ විද්‍යාල ගණනාවක් පිහිටුවනවා.
    සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් විප්ලවීය වෙනස්කම් ගණනාවක් කරනවා. සෑම පුරවැසියෙකුටම උසස් සෞඛ්‍ය සේවාවක් ලබා
    ගැනීමට හැකියාව ඇතිවන ආකාරයේ ජාතික සෞඛ්‍ය රක්‍ෂණ සැලසුමක් ආරම්භ කරනවා.

     

    රෝග වැළැක්වීමල රෝග සුව කිරීම සහ වෛද්‍ය සේවා සැපයුම් ආයතනවල ප්‍රමිතීන් පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙනම
    මණ්ඩල ස්ථාපිත කරනවාග හදිසි ජංගම වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ආරම්භ කරනවා. මුලින්ම එය බස්නාහිර සහ දකුණු
    පළාත්වල ක්‍රියාත්මක කරනවා.

     

    පසුගියදා ශ්‍රී ලංකා ආර්ථික සමුළුව පැවැත්වුණා. මේ මාසයේ අගදී යුරෝමනී ආයෝජන සමුළුව ලංකාවේ පැවැත්වෙනවා.
    වර්තමානයේදී ලෝක ආයෝජකයන් ලංකාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

     

    ඉතිහාසයේ මුල් වතාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අපේ රටට ආරාධනා ලැබී තියෙනවා. ඒ සඳහා මමත්,
    රවි කරුණානායක සහ මලික් සමරවික්‍රම යන ඇමතිතුමන්ලාත් සහභාගී වෙනවා.

     

    ජාතික ආර්ථික ප්‍රතිපත්තිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාග අයවැය යෝජනා සහ ඊට අදාළ සංශෝධන අපි සකස් කර
    තිබෙනවා. සංශෝධන ගණනාවකට අප එකඟවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික සමුළුවේ සහ ඉදිරියේදී පැවැත්වෙන
    ලෝක ආර්ථික සමුළුවේදී සාකච්ඡා වෙන කරුණුත් අප සලකා බලනවා.

     

    අපේ වැඩසටහන් සමග කොටුම්පත් කරපු මූලික වාර්තාවක් සකස් කරනවාග අපේ ඇමැතිවරුන් හා නිලධාරීන්
    කණ්ඩායමක් විශේෂයෙන්ම හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන කේන්ද්‍රයට සහභාගීවී, එය සාකච්ඡා කර ඒ
    අයගෙන් අදහස් අරගෙන ඒ සැලැස්ම රටට ඉදිරිපත් කරනවා.

     

    මේ සියල්ල පදනම් කර ගනිමින් තුන් අවුරුද්දක් තුළ ඔබට රැකියා අදායම් මාර්ග ලැබීමට හා ඔබේ අත මිට සරු වීමට පදනම
    සැකසෙන ආර්ථික සැලැස්ම ලබන පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ අනාගතය
    වඩාත් යහපත් වෙනවාග ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා.අප සියලූදෙනාම එකතුවී දැන් මේ යුද්ධය ජය ගත යුතුයි.
    ඔබට යහපත් අනාගතයක් උදා වන්නේ එම යුද්ධය ජය ගතහොත් පමණයි. 2016 වසර කොතරම් ප්‍රශ්න තිබුණත් ඔබේ
    අනාගතය පිළිබඳව යහපත් බලාපොරොත්තුවක් දල්වා ගත හැකි වසරක් බව කිව යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya