අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය ක‍්‍රමය නගාසිටුවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා- සෞඛ්‍ය ඇමැති Featured

    ජනවාරි 11, 2016

    දේශීය වෛද්‍ය ක‍්‍රමය නගාසිටුවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    මාලේවන ඥාණිස්සර නාහිමි පිළිරුව විවෘත කිරීම, මාලේවන ඥාණිස්සර මහා විද්‍යාලයේ විද්‍යාලීය නාම පුවරුව නිරාවරණය කිරීම හා මාලේවන ඥාණිස්සර නාහිමියන්ට පුෂ්පෝහාර දැක්වීම වෙනුවෙන් බේරුවල දර්ගා නගරයේ මාලේවන ඥාණිස්සර මහා විද්‍යාලයේ පැවැති උත්සව අවස්ථාවකට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.



    දේශීය වෛද්‍ය ක‍්‍රමය දියුණූ කිරීමට මාලේවන හිමියන් ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කළා. මාලේවන ඖෂධාලයත් ඉහළ තලයකට ගෙනඒමට උන් වහන්සේට හැකි වුනා.

     

    19 වන ශත වර්ෂයේ තමයි බටහිර වෛද්‍යවරුන් ශ‍්‍රී ලංකාවට පැමිණියේ. ඊට පෙර දේශීය වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිතව පැවතුනා. ඒ කාලේ ජනතාව දේශීය වෛද්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රතිකාර ලබාගත්තා.ඕනෑම වෛද්‍ය විද්‍යාවක් දියුණූ වූ පසුව පශූ වෛද්‍ය විද්‍යාවත් දියුණූවට පත් වෙනවා. අපි දැන් පාරම්පරික වෛද්‍ය ක‍්‍රම ගැන පර්යේෂණ කරනවා.

     

    මේ වනවිට දේශීය වෛද්‍ය පර්යේෂණ 111 ක් සිදු කර අවසන්. පිළිකා, දියවැඩියාව, නිට්ටාවටම සුව කළ හැකි වෛද්‍යවරුන්ට මම සම්මාන ලබාදුන්නා. අක්මාවේ පිළිකා පවා සුව කළ හැකි දේශීය වෛද්‍යවරුන් සිටිනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට සිදු කළ නොහැකි ප‍්‍රතිකාර ක‍්‍රම දේශීය වෛද්‍ය ක‍්‍රමය සතු බවද අමාත්‍යවරයා පැවැසීය.

     

    මෙම අවස්ථාවට කළුතර දිස්ත‍්‍රික්කයේ මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි පියල් නිශාන්ත මහතා, පළාත් සභා මන්ත‍්‍රීවරු, හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    rajitha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya