මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් සත් වසරක අතුරුදන්වීම් ගැන පරීක්ෂණ කොමිසමට පැවරේ Featured

    මාර්තු 26, 2014

    උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුවී ඇතැයි කියන පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පිණීස පත්කරන ලද කොමිසම විමර්ශනයට භාජන කළ යුතු කාලය1983 ජනවාරි 01 දි සිට 2009 මැයි මස 19 දා දක්වා වන පරිදි පුළුල් කෙරේ. කලින් එම කොමිසමට නියම කර තිබුණේ 1990 - 2000 කාලය තුළ මෙවැනි සිදුවීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීමටයි. නව විමර්ශන කාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දීර්ඝ කර තිබේ.මෙම තීරණය ගෙන ඇත්තේ 1990 ට පෙර පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් මහජනතාව ගෙන් මෙම කොමිසමට බොහෝ පැමිණිලි ලැබී ඇති හෙයිනි.

     

     

    ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසම එහි අවසන් වාර්තාව බාරදිය යුතු දිනය 2014 අගෝස්තු 15 දක්වා දීර්ඝ කර ඇත. ජනාධිපතිතුමා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ පරීක්ෂණ කොමිසම පනතේ 4 වැනි කොටසේ 393 පරිච්ඡේදයේ විධිවිධාන අනුවයි. ඉහත කී නියෝගය ප්‍රකාර පිහිටුවන ලද මෙම කොම්සමේ ප්‍රඥාවන්තභාවය, සාමාර්ථය සහ විශ්වාසය  කෙරෙහි මහත් විශ්වාසයක්  හා බලාපොරොත්තුවකින් යුත් ජනාධිපතිතුමා  එයට පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම පිණිස සෑම පිවරක්ම ගන්නා ලෙස කොමිසමට දන්වා ඇතැයි ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

     

     

    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya