අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජනිස විසින් දේශපාලඥයන් මුදලට ගන්නා බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා Featured

    මාර්තු 26, 2014

    එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විපක්ෂයේ දේශපාලඥයන් මුදලට ගනු ලබන බවට කරන ලද ප්‍රකාශය තරයේ පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කීය.

     

    ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ සන්ධානයේ සියලුම නායකයන් මේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

     

    දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් බැංකුවක තැන්පත් කරන්න ගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා දේශපාලන ඇසකින් මේ දෙස බලන්න සූදානම් නැති බවත් මේ පිළිබඳ ඉදිරි පරික්ෂණ සිදු වන නිසා එම පරීක්ෂණ නිමවන තුරු කිසිවක් කිව නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියූ ගුණසේකර, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya