අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා රාජ්‍ය පාලනයට මානව හිමිකම් කවුන්සිලය යොදා නොගත යුතුයි

    මාර්තු 26, 2014

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රේෂ්ඨ අභිලාෂයන් සහිත සංවිධානයක් බවත් බලවත් රාජ්‍ය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍ය, තමන්ට අවනත නොවන කුඩා රාජ්‍ය පාලනය කිරීමට මානව හිමිකම් කවුන්සිලය යොදා නොගන්නැයි තමන් ඉල්ලා සිටින බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

     

    ඉදිරියේදී ඡන්ද 02ක් පැවැත්වේ. රටවල් 49ක් සමඟ ලබන 28 දින පැවැත්වෙන ඡන්දයේ යෝජනා රැසක් අන්තර්ගත වේ. 29 දින පැවැත්වෙන ඡන්දපොළට යන්නේ පළමු දින ප්‍රතිඵල රැගෙනයි. මේ මැතිවරණ ප්‍රතිඵල තුළ ගැබ්ව ඇති දේශපාලන පණිවිඩය, ශ්‍රී ලාංකික
    ඡන්දදායකයන් දෙන පණිවිඩය නිවැරදිව කියවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලන බවත් සමඟි රාජ්‍යයක් ගොඩනගන්න සහය දෙන ලෙස ඇමරිකාව ප්‍රධාන මානව හිමිකම් යෝජනාවට එක්ව සිටින සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

     


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව කරන ලද සමීක්ෂණයේදී ඡන්දය භාවිත කරන සංඛ්‍යාව 64.9%ක් පමණ විය හැකි බවට පුරෝකථනය කළ හැකි බව පැවසීය. සමස්ත නියැඳියෙන් 83.7%ක් සමීක්ෂණය පැවති කාල සීමාව තුළ ඡන්දය කෙසේ භාවිත කරන්නේද යන්න තීරණය කර ඇත. එසේම මැතිවරණ කොට්ඨාස 57න් 51ක් එක්සත් ජනතා සන්ධානය ජයගනු ඇත. ඉන් 03ක් සඳහා තියුණු තරඟයක් ඇති අතර 03ක් පරාජය විය හැකි යැයි විශ්වාස කරන බවද ඔහු කීය.

     

     

    මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියූ ගුණසේකර, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya