අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මූල්‍ය පහසුකම් සපයන මූල්‍ය ආයතනවල නිලධාරීන්ගේ හමුවක්

    මාර්තු 26, 2014

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මූල්‍ය පහසුකම් සපයන මූල්‍ය ආයතනවල නිලධාරීන්ගේ හමුවක් ලබන 02 දින පෙරවරු 9.30ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    ශ්‍රී ලංකා ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස මෙරට ආර්ථිකයේ 80%කට වැඩි දායකත්වයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපාරික සේවා සපයන ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම හා ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා අවශ්‍ය පහසුකම් ඇති කිරීම වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම සඳහා සුහද හමු පැවැත්වීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරනු ඇත.


    මේ හමුව සඳහා සහභාගිවීමට කැමති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මූල්‍ය පහසුකම් සපයන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනවලට ජාතික ව්‍යවසාය සංවර්ධන ආයතනය ආරාධනා කරයි.


    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා ව්‍යවසාය සංවර්ධන නිලධාරී ප්‍රදීප් දිසානායක මහතාගේ දුරකතන අංකය 011-2439843 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මඟින් දැනගත හැකි වේ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya