නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී (ISIS) ක්‍රියාවන් පිළිබඳව ආරක්ෂක හමුදාවන් සහ බුද්ධි අංශ පුර්ණ අවධානයෙන්

    ජනවාරි 07, 2016
    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වා ගෙන යනු ඇතැයි සැක කරන ඔවුන්ගේ සබදතා ගැන පළකර තිබු මාධ්‍ය වාර්තා පිළිබදව ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
    මෙම සංවිධානයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැව් ආරක්ෂක අමාත්‍යංශය වගකීමෙන් යුතුව සඳහන් කරයි.
     
    සමහර පළ කෙරෙන මාධ්‍ය වාර්තා සංවේදී සහ අත්‍යවශ්‍ය බුද්ධි තොරතුරු හෙලිදරව් කරමින් කටයුතු කිරීම හේතුවෙන් සැක කටයුතු පුද්ගලයින් හඳුනා ගැනීමට ගන්නා උත්සාහයන් අඩපණ වීමටද හේතු කාරක වන අතර  එවැනි උත්සාහයන් නිශ්ඵල තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැව්ද  සඳහන් කිරීම අත්‍යාවශ්‍ය වේ.
     
    කෙසේ වුවද දැනට පවතින ආරක්ෂක තත්වය පිළිබඳව කිසියම් අනියත සැකයක් ඇති කර නොගතයුතු වන අතර ආරක්ෂක හමුදාවන්ට ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය හා තක්සේරු කරමින් නිවැරදිව එම කරුණු තහවුරු කර ගැනීම සදහා කටයුතු කරමින් සිටිනා බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
     
    AP
      
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya