නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩනගනවා- අමාත්‍ය රාජිත සේනාරත්න Featured

    ජනවාරි 07, 2016

    ශ්‍රී ලංකාවේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩනගන බව සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ
    මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

     

    මේ ව්‍යවස්ථවට ජනතා අඳහස් අරගෙන සොල්බරී ව්‍යවස්ථාවට පස්සේ පළමු වරට ජනතා අඳහස් වලින් පෝෂණය වන ව්‍යවස්ථාවක්
    ගොඩ නැඟෙන්නේ.තනිකරම මහජන අඳහස් අරගෙන සිදු කරන්නේ.ඕනෑම කෙනෙකුට අඳහස් ලිඛිතව හා වාචිකව ඉදිරිපත්
    කරන්න පුළුවන්.ඉන් පසු ජනමත විචාරණයකට යන්නේ.අපි ශ්‍රී ලංකාවේ ජනතවාදී ව්‍යවස්ථවක් ගොඩනගනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    තදුජීන්ගේ මරණය පිළිබඳව පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලේ කිව්වා පිටරට පරීක්ෂණ එපා කිව්වා . ඒ අයට අමරු වෙනකොට විදේශ ඒවා හොඳයි. රටට අමාරු වෙනකොට විදේශ ඒවා නරකයි.මේ පරීක්ෂණ යටපත් කිරීමට කිසිවෙක් මැදිහත් වන්නේ නෑ.ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක ඉන්නවා, අධිකරණ ක්‍රියාමාර්ගයෙන් එළිදරව් වීම සම්බන්ධයෙන්.යට යන්නේ නෑ,යට යන්න ඉඩ තියන්නේ නෑ යැයි අමාත්‍යවරයා පැවසී ය.

     

    ජනවාරි 08 වැනිදා විරෝධතා සඳහා කියන තරම් ජන සහභාගීත්වයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ රැදෙන්න මේවා කරනවා.තවත් ජාතිවාදී සංවිධාන කීපයක් මේවා කරනවා කියලා වාර්තා වී තිබෙනවා.හම්බකරන මුදල් තියෙනවා. කෝටි ගණන් වියදම් කරයි.ආණ්ඩුව පෙරළන්න බලනව. අතැම් අය අත්අඩංගුවට ගැනීමට ආසන්නයි. එය වළක්වා ගන්න ක්‍රමය රටේ කලබල ඇති කරලා, රජයේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න, මේ වගේ වැඩ කරනවා.කොයිතරම් තුට්ටු දෙකේ වැඩ ද මේවා.ජනතාවගේ ලේ හලා බලයට පත්වීමට වලි කන නායකයෝ, බලයට පත් වුණොත් තත්ත්වය කොහොමද?ඔය මිලිටරි අඳහස් තිබෙන නායකයෝ තමයි මහින්ද රාජපකෂ මැතිතුමා විනාශ කළේ.නෙල්සන් මැන්ඩෙලා ගිය ගමන නවත්වලා,රොබට් මුගාබේ ගමන ලෑස්තිකර දුන්නේ මේ අය තමයි.ඕන දේකට අපි ලෑස්තියි.

     

    ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන්
    අමාත්‍යවරයා,එක්සත් ජාතික පක්ෂයට කිසි ප්‍රශ්නයක් නෑ. එක්සත් ජාතික පෙරමුණත් එසේමයි.එක්සත් ජාතික පෙරමුණ ලෙස ඔක්කෝම තරඟ කරනවා.ජාතික ආණ්ඩු වැඩපිළිවෙළට හානි නොවන ලෙස මැතිවරණ ව්‍යාපාරය ගෙන යනවා යැයි පැවසී ය.

     

    මේ අවස්ථාවට සම කැබිනට් ප්‍රකාශක, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී  ගුණතිලක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya