මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ධීවර දිනය අද Featured

    නොවැම්බර් 21, 2015
    ජාත්‍යන්තර ධීවර දිනය අදට (21) යෙදී ඇත. 
     
    ඒ නිමිත්තෙන් ධීවර හා ජලජ සම්පත්  සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබු පණිවිඩය මෙසේයි.
     
    “ධීවර කර්මාන්තය හුදකලා කර්මාන්තයක්ම පමණක් බවට සීමා නොකර රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත්ම ක්ෂේත්‍රයක් බවට ධීවර කර්මාන්තය පත්කර ජාත්‍යන්තරය ද ජයගත හැකි ක්ෂේත්‍රයක් බවට මෙම කර්මාන්තය පරිවර්තනය කළ යුතු ස්වර්ණමය කාලය උදා වී ඇති අවස්ථාවේ ලෝක ධීවර දිනය යෙදී තිබීම සතුටට කරුණකි.
     
     
    එසේ හෙයින් ධීවර කර්මන්තයේ සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍රයන් පිළිබඳ මා හොඳින් අවබෝධ කර ගෙන සිටින බැවින් ප්‍රමුඛස්ථානය ලබා දී සමස්ථ ධීවර ප්‍රජාවගේ මෙන්ම කර්මාන්තයේ ප්‍රගමනය සඳහා ගත යුතු පියවර මේ වන විටත් මා ක්‍රියාවට නංවමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.
     
     
    බලයට පත් වූ පසු ගිය රජයන් විවිධාකාර වූ සහනාධාර පෙන්වමින් ධීවර ජනතාව ඔවුන්ගෙන් යැපෙන්නන් බවට පත් කළ අයුරු කිසිඳු ධීවරයකුට අමතක කළ නොහැක. එදා පාලකයින් සහනාධාර පෙන්වමින් සිදු කළේ ධීවරයා තම දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට උත්සාහ දැරීම ය. ධීවර ජනතාව සමඟ උරෙන් උර ගැටී එදා මෙන්ම අදත් කටයුතු කරන මට ඔවුන්ගේ සැබෑ දුක වේදනාව මෙන්ම කර්මාන්තයේ ගැටළු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත. එබැවින් මා සෑම අවස්ථාවකම උත්සාහ කළෙත් ක්‍රියා කරමින් සිටින්නේත් පැලැස්තර විසඳුම් වලින් තොරව තිරසාර විසඳුම් ලබා දීම සඳහා ය. 
     
     
    ධීවර ප්‍රජාවගේ සැබෑම වූ ගැටළු වලට තිරසාර විසඳුම් ලබා දීමට ජාතික ධීවර මහා සම්මේලනය මහත් අත්වැලක් සපයන බව මා තරයේ විශ්වාස කරමි. එබැවින් දිළිඳු කමින් තොර අනුන්ගෙන් යැපෙන්නන් බවට ධීවරයා පත් නොකොට ඔවුන් රටට මෙන්ම ජාතික ආර්ථිකයට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන  සමාජ කණ්ඩායමක් බවට පත් කිරීම සඳහා යන ගමනට මාගේ උපරිම දායකත්වය ලබා දෙන බවට සපත කරමින් සමස්ත ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවට සෞභාග්‍යමත් අනාගතයක් උදා වේවා යන්න මාගේ ඒකයන පැතුමයි. ! 
     
     
                      දිලිප් වෙදආරච්චි
                      ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya