යුද හමුදාව යටතේ පාලනය වන නාරාහේන්පිට, මැනිංටවුන්හි පිහිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ විශේෂ අවශ්‍යතා ඇති දූ දරුවන් ඉගෙනුම ලබන ‘සෙනෙහස’ අධ්‍යාපන පර්යේෂණ සහ තොරතුරු මධ්‍යස්ථානය පිළිබඳ එල්ල වී තිබෙන චෝදනා පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ මණ්ඩලයක් පත් කර ඇත.
මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායට ද තවත් පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් දී ඇත.
මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා කෙටි කාලයක් ඇතුලත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යුද හමුදාපතිතුමා මෙම මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
DB/ARMY.LK