ජීනීවා හි පසුගිය සඳුදා (14) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අගෝස්තු 17 වන දින පැවති මැතිවරණ ප්‍රථිඵලයේ විශේෂත්වය වූයේ දෙපාර්ශවයේම අන්තවාදීන් පරාජය වීම හරහා මධ්‍යස්ථ මතධාරීන් බලයට පැමිණීම වන අතර මෙය ප්‍රගතශීලී ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව තුල අවශ්‍ය ඉඩකඩ ලබා දීමට හේතුවූ බව පැවසූ අමාත්‍යවරයා ඒ හරහා දේශපාලන විසදුමක් හා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම තුළින් සමානාත්මතාවය, සාධාරණය, නිදහස වැනි විශ්වීය ගුණාංග තහවුරු කෙරෙනු ඇතැයි ද කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ නායකයා විපක්ෂ නායකවරයා වශයෙන් පත්කිරීම සහ ශ්‍රී ලංකාවේ 44වන අග්‍රවිනිශ්චයකාර පදවිය සඳහා පත්කිරීම ද නව ශ්‍රී ලංකාව තුල ජාතිය, ආගම, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් කිසිවකු හට තමාට හිමිවිය යුතු තැන අහිමි කිරීම සිදුනොවන බව මැනවින් පැහැදිලි කල අවස්ථා වන බව ද එහිදී ඔහු පැවසීය.
තවදුරටත් අමාත්‍යවරයා පැවසුවේ,
“ඔබ ද එකඟ වන පරිදි සංහිදියාව යනු ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා කාලයක් ගතවේ. බොහෝ දෙනා මා දන්නවා නොඉවසිල්ලෙන් බලා සිටින බව. අපට ඔවුන්ගේ නොඉවසිල්ල මෙන්ම ඒ සඳහා හේතුව ද හොඳින් තේරුම්ගත හැකියි. කෙසේ වුවත් මෙම ක්‍රියාවලිය ප්‍රවේසමෙන් සැලසුම්කරගත යුතුයි. නිදහස ලැබූ දා පටන් අප රට කොතෙකුත් බිඳවැටී තිබෙනවා නමුත් තවදුරටත් එලෙසින් පරාජය වීමට ඉඩදිය නොහැකියි.
සත්‍ය සෙවීම, සාධාරණය ඉෂ්ඨ කිරීම, වන්දි ලබාදීම, නැවත ඇතිවීම වළක්වාගැනීම ආදී පුළුල් වූ වපසරියක් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තුල අන්තර්ගත වන බව ශ්‍රී ලංකා රජය මැනවින් අවබෝධ කරගන සිටින අතර නැවත ඇතිවීම වළක්වාගැනීමේ සැබෑ අර්ථය එනම් දමිළ ජනයාගේ ගැටළු විසඳිය හැකි ආකාරයේ දේශපාලන විසඳුමක් කරා යෑමේ අවශ්‍යතාවය ද අප හඳුනාගන ඇත්තෙමු.
සත්‍ය ගවේෂණය, සාධාරණය, වන්දි ගෙවීම, හා නැවත ඇතිවීම වළක්වන බවට වන තහවුරුව ඇතිකිරීම සඳහා වන ස්වාධීන, විශ්වාසදායක හා බලාත්මක යාන්ත්‍රණයන් ව්‍යවස්ථා රාමුව තුල ඇතිකිරීම සඳහා රජය සතු අදහස් පහත පරිදි වේ.
- සත්‍ය ගවේෂණය සඳහා, ව්‍යවස්ථාව මගින්, යාන්ත්‍රණ දෙකක්:
(i) දකණු අප්‍රිකාවේ නිසි බලධාරීන්ගේ උපදේශ යටතේ සත්‍යය, යුක්තිය, ප්‍රතිසන්ධානය, හා නැවත ඇති නොවීම සඳහා කොමිසමක් ඇති කිරීම. මෙම යාන්ත්‍රණය ව්‍යුහ දෙකකින් යුක්ත වේ. ඒවා නම්, සමාජයේ ප්‍රධාන ආගම් සියල්ලේ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කාරුණික සභාවක් හා කොමසාරිස්වරුන්ගෙන් සමන්විත ව්‍යුහයක්. සමාජයේ කවර තරාතිරමක වුවද මානව හිමිකම් උල්ලංඝනය වීමට ලක්වූ, නමුත් අධිකරණමය ක්‍රියාමාර්ගයකින් විසඳීම සඳහා අපරාධකරුවන් පැහැදිලි නැති, හෝ රජයේ හෝ සමාජයේ භාවිතයන් හේතුවෙන් අවතක්සේරුවට/වෙනස්කම් වලට භාජනය වූ පුද්ගලයන් හට මෙම කොමිසම හරහා සත්‍යය සෙවීමට, සිදුවූ දෙය තේරුම් ගැනීමට හා අසාධාරණයක් වූ බවට ඇති හැඟීම් සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.
(ii) අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ විශ්ෂඥ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්වයන්ට අනුකූලව පවුල් වල දැනගැනීමේ අයිතිය යන මූලධර්මය මත පදනම් වූ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කටයුතු කරන කාර්යාලයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීම.
- යුක්තිය සඳහා ඇති අයිතිය, විශේෂ නීතීඥයකුගෙන් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීමට යේජිතය. මෙය විපතට පත්වූවන්ගේ සාධාරණ පිළියමක් සඳහා වූ අයිතිය පිළිබඳව සැලකිල්ලට ගන්නා අතර සියළු ජාතීන් විසින් අත්විඳින මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් දඩුවම් නොලබා බේරී යාමේ ගැටළුව සඳහා විසඳුම් ලබාදීම කෙරේ අරමුණු වී ඇත. ශ්‍රී ලංකාව තුල මීට පෙරද අපරාධ යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවා ඇත. එබැවින් මෙය අමුතු සංකල්පයක් නොවේ. එමෙන්ම මෙය යම් පුද්ගල කොට්ඨාශයක් වෙනුවෙන් වෙන් වී නැති නමුත් මෙය නීතියේ ආධිපත්‍යය සුරැකීම හා එය ගරුකරන සමාජයක් බිහිකිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
- වන්දි සඳහා වන අයිතිය, මේ සඳහා වෙනම කාර්යාලයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීමට නියමිතය. එමගින් යෝජිත සත්‍යය, යුක්තිය, ප්‍රතිසන්ධානය, හා නැවත ඇති නොවීම සම්බන්ධයෙන් වන කොමිසම හා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය හා එල්එල්ආර්සී ඇතුළු වෙන යම් ආයතනයක් විසින් වන්දි ලබාදීම සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ඇත.“ යනුවෙනි.
SDF