නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ සියලු පස් කැපීම් අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස්

    සැප්තැම්බර් 15, 2015
    ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන සියලු පස් කැපීම් වහාම නවතා දැමීමට පියවර ගන්නා ලෙසත්, පස් කැපීම් වෙනුවෙන් නිකුත් කර ඇති සියලු බලපත‍්‍ර ඊයේ (14) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙසත් ජනාධිපතිතුමා භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත උපදෙස් ලබා දී ඇත.
     
    පවතින නීති රීතිවලට පටහැනිව ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන පස් කැපීම් පිළිබඳ පළ වී ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇති අතර මෙම නීති විරෝධි කටයුතු පිළිබඳ වහාම සොයා බලන ලෙසද භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
     
    DB/PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya