නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩුආදායම් පවුල් ආදායමෙන් තුනෙන් එකක් මත්ද්‍රව්‍යයට වැය කරයි Featured

    සැප්තැම්බර් 14, 2015

    මත් උවදුර හේතුවෙන් දිනකට මිනිස් ජීවිත 100ක් නැති වන බවත් අඩුආදායම්ලාභී පවුල්වල ආදායමෙන් තුනෙන් එකක් මත්ද්‍රව්‍ය හා දුම්වැටි සඳහා වැය කෙරෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මතින් තොර රටක් ජාතික වැඩපිළිවෙළේ දෙවැනි ජාතික සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා ඊයේ (14) මේ බව සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ රෝහල්වල වියදමින් 22%ක් මත්උවදුර හේතුවෙන් රෝගී වූවන් සඳහා වියදම් කෙරෙන බවයි.

    මෙම ජාතික උවදුරින් රට බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මතින් තොර රටත් වූ විශේෂ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව පෙන්වා දුන්නේය.

    මේ වන විට සිගරට් පැකට්ටුව සඳහා 80%ක රූපමය දර්ශන දැක්වීමට ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින කිහිපයක් තුළ කටයුතු කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya