මෙම වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ජාතික වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවයි.
පාසල් දරුවන් හා දහම් පාසල් දරුවන් දැනුවත් කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කිරීම, ත්‍රීවිල් රියදුරන් දැනුවත් කිරීම අතිශය වැදගත් බව හඳුනාගෙන ඇති බැවින් ඔවුන් දැනුවත් කිරීම, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස්, උපකාරක පන්ති සඳහා සහභාගි වන දරුවන් දැනුවත් කිරීම සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම නගරයේ වීදි නාට්‍ය හා රූපවාහිනී තිර මඟින් ද මෙම දැනුවත් කිරීම් සිදු කෙරෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් දායකත්වය දැක්වූ මාධ්‍යවේදී හා සිවිල් සමාජ පුරවැසියන් ඇගයීම ද මෙදින සිදු කෙරෙන බව සඳහන් කළේය.
මෙම ජාතික වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් වශයෙන් මෙදින ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිගරට් අලෙවිය නොකරන ලෙස ද අමාත්‍යවරයා ගාල්ලේ වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද සිදු කළේය. එසේම දුම්වැටි පාවිච්චි කරන්නන් මෙදින ඉන් වැළැකී මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය දක්වන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මෙම ජාතික සමුළුව සඳහා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ම පාසල්වල විදුහල්පතිවරුන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. මෙහිදී සිසුන් 150 දෙනෙක් විසින් මෙම ජාතික වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රතිඥාවක් ලබාදීමට නියමිත බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 19ක් හා ග්‍රාම සේවා වසම් 896ක් තිබෙන එම සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm