නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර හා ජලජීවී වගා ප්‍රදර්ශනය සඳහා වන ජාත්‍යන්තර සමුළුව අගෝස්තු 25-26 Featured

    අගෝස්තු 24, 2015

    දැනුම කළමනාකරණය ජාත්‍යන්තර ආයතනය විසින් සංවිධානය කරන දෙවන ධීවර හා ජලජීවී වගා ප්‍රදර්ශනය සඳහා වන ජාත්‍යන්තර සමුළුව කොළඹ ගලධාරී හෝටලයේ දී හෙට (25) සහ අනිද්දා (26) දිනයන් හි පැවැත්වේ.

    මෙම සමුළුව සඳහා ලෝක ජලජීවී වගා සංගමය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය සහ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සම-සත්කාරකත්වය දරනු ලැබේ.

     

    මෙම අවස්ථාවට රටවල් 40කින් පමණ නියෝජිතයින් 100 කට වැඩි සංඛ්‍යාවක්  සහභාගී වනු ඇත.

     

    ක්ෂේත්‍රයේ දියුණුව තකා මුහුදු ආහාර සැකසුම්, සිප්පි සහ බෙලි කටු සංස්කෘතිය, ජලජීවී වගා ගැටලු, ජලජීවී වගා සඳහා ප්‍රමිතීන් හා සහතික, ඇතුළු තවත් බොහෝ මාතෘකා යටතේ 50ක් පමණ පර්යේෂණ මෙහිදී සාකච්ඡා කරනු ඇත.
     
    ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු විදේශ ගැනුම්කරුවන් සමග සෘජු සම්බන්ධතා සංවර්ධනය කිරීම හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ සමාගම් හා නිෂ්පාදන හඳුන්වා දීම ය.

     

    මාළු සහ ධීවර නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ මුළු කෘෂිකාර්මික අපනයනයට සියයට 9ක දායකත්වයක් සපයයි. මෙරට මාළු සහ ධීවර නිෂ්පාදන අංශය පසුගිය වසර පහ පුරා සියයට 8ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

     

    2014 දී ශ්‍රී ලංකාව ලෝකයේ සියයට 10ක වෙළඳපොළ කොටසක් සමඟ ලොව නැවුම් සහ සිසිල් ටූනා අපනයන අංශයේ තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.

     

    2014 දී මාලු සහ ධීවර නිෂ්පාදන අපනයනයෙන් ලද මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 253ක් පමණ වන අතර ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වැනි රටවල් ප්‍රධාන අපනයන වෙලඳපොලවල් විය.

     

    2014 දී, විසිතුරු මත්ස්‍ය මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 13ක් විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya