නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ක්ෂේත්‍රයේ රැකියා පිළිබද දෙදින වැඩමුලුවක් අගෝ. 31 - සැප් 01

    අගෝස්තු 15, 2015

    සංචාරක ක්ෂේත්‍රයේ රැකියා  පිළිබද දැනුවත් කිරීමේ  දෙදින වැඩමුලුවක් අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී මහත්මිය පැවසුවාය.

     

    මෙම වැඩමුළුව සඳහා  සහභාගී වීමට බලාපොරොත්තු වන ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයම අගෝස්තු 20වන දිනට පෙර මානව සම්පත් නිලධාරිනිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. මේ පිළිබද වැඩිදුර තොරතුරු 0717343916 හෝ 0716197932 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

     

    සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ආකල්ප වර්ධනය පුහුණු අවස්ථා ලබා දීම නව ප්‍රවනතා හදුන්වාදීම ස්වයං රැකියා අවස්ථා හා විදේශීය රැකියා අවස්ථා පිළිබද තොරතුරු ලබා දීම ආදී කරුණු පිළිබද මෙහි දී දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya