නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දියන් ධීවරයන් 40ක් නිදහස් කෙරේ

    අගෝස්තු 12, 2015
    පසුගිය ජූනි මාසයේ සිට නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවරයන් 40 දෙනෙකු පසුගියදින මන්නාරම හා පේදුරුතුඩුව උසාවි මගින් නිදහස් කරන ලදී.
    මොවුන් අතරින් ජූනි 01දා සිට අත්අඩංගුවේ පසුවුන ධීවරයන් 14 දෙනෙකු මන්නාරම් මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරන ලද අතර පසුගිය ජූනි 21දින සිට අත්අඩංගුවේ පසුවූ තවත් ධීවරයන් 26 දෙනෙකු පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරන ලදී. ඉන්දියාවේ 69 වැනි නිදහස් දිනට ප්‍රථම මෙම පිරිස නිදහස් කරනු ලැබ ඇත.
    මෙම ධීවරයන් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාවට භාරදීමට නියමිතය.
    දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ඉන්දියා - ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසදා ගැනීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මේ වන විටත් සාකච්ඡා වට කීපයක් පවත්වා ඇත.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya