කල්මුනේ අල්මතාර් මධ්‍ය මහා විද්‍යාලයේ ද විභාග අපේක්ෂකයෙකු ඡංගම දූරකතනයක් ළඟ තබා සිටියදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හසු වී තිබෙන අතර එම සිසුවාගේ විභාග ප්‍රතිඵලය තහනම් කරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මීට අමතරව එම විභාග මධ්‍යස්ථානය අධීක්ෂණයේ සිදු වූ දුර්වලතා මත මෙය සිදු වී ඇති හෙයින් එම විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති සහ නිරීක්ෂණ නිලධාරියා ද එම රාජකාරී කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
එසේ ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පත්තිරිප්පු, කොට්ටෙයි කල්ලාරු මහා විද්‍යාලය උසස් පෙළ විභාගය මධ්‍යස්ථානයේ සිසුවෙකු ජංගම දූරකතනයක් ළඟ තබා සිටි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
විභාග නීතිරීතිවලට පටහැනිටව කටයුතු කර තිබෙන සියලු දෙනා වෙනුවෙන් පරීක්ෂණ පවත්වා දඩුවම් පැමිණවීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm