තැපැල් ඡන්දය දීමට පූර්වයෙන් නියම කර තිබූ දිනවලදී අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරත වීම නිසා ස්වකීය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය දීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට අද (11) පෙරවරු 8.30ට පස්වරු 3.30දක්වා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
එබැවින් මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී එම පහසුකම සලසා ඇත.
DB