අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ ව අදහස් දැක්වූ ඔහු ඒ පිළිබඳ ව අමාත්‍යාංශ ලේකම්වරයා වගබලා ගත යුතු බව ද කීය.
අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකතුමා, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කතානායකතුමා, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ව තමන් විසින් දරන ලද තනතුරට හිමි වරප්‍රසාදයක් වශයෙන් රජය හෝ පළාත් සභා විසින් සපයනු ලබන නිල වාහන පරිහරණය කරන තැනැත්තන් එකී නිල වාහන 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සිය පක්ෂයේ/ අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගනු ලබන්නේ නම් එක් වාහනයක් සඳහා රුපියල් 100,000/-ක මාසික ගාස්තුවක් ගෙවිය යුතුයි.
එම වාහන සඳහා වන ඉන්ධන වියදම් ද සිය පෞද්ගලික මුදලින් දැරිය යුතුයි.
සිය පක්ෂයේ/ අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා ගුවන් යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සඳහා වන සියලු ම වියදම් පෞද්ගලිකව දැරිය යුතුයි.
නිල වාහන සඳහා වන ගාස්තු අදාළ අමාත්‍යාංශයට/ පළාත් සභාවට/ අදාළ බලධාරීන්ට ගෙවිය යුතු අතර ගුවන් යානා හෝ හෙලිකොප්ටර් සඳහා වන ගාස්තු අදාළ ආයතනවල ගෙවිය යුතුය.
මේ පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්ෂ ලේකම්වරුන් ද සාකච්ඡාවකදී එකඟ වී ඇත. ඒ අනුව අය කළ යුතු ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා යෝජනා කර ඇති අතර එම ගාස්තු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.
NDH