මෙම අවස්ථාවෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න මහතා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා 663 බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.ඩී. වීරසූරිය, 662 බල සේනාවේ බල සේනාධිපති කර්නල් ජී.ඩී. සූරියබණ්ඩාර ඇතුළු නිලධාරීහු සහ සෙසු නිලයන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
1991 ජූලි 14 දින එල්.ටී.ටී.ඊය විසින් පුපුරන ද්‍රව්‍ය රැගත් බුල්ඩෝසරයක් අලිමංකඩ යුද හමුදා කඳවුරට ඇතුළු කිරීමට වෑයම් කරන ලද අවස්ථාවේදී ලාන්ස් කෝප්‍රල් ගාමිණි කුලරත්න එය වැලැක්වීම සඳහා සිය කැමැත්තතෙන්ම තම ජීවිතය පුජා කර ඇත. එම වීර ක්‍රියාව නිමිත්තෙන් කෝප්‍රල් ගාමිණී කුලරත්නයන් ‘පරම වීර විභූෂයෙන්’ ද පිදුම් ලැබීය.
NDH/army.lk