රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර වසර 10ක් පුරා විශ්‍රාමික ප්‍රජාව තුළ දුක්ගැනවිල්ලක්ව පැවති 6/2006 චක්‍රෙල්ඛය හේතුවෙන් විශ්‍රාම ගත් විශ්‍රාමිකයින්ට සිදු වූ වැටුප් විෂමතාව ඉවත් කිරීමට කටයුතු කර තිබෙන
බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ අනුව විශ්‍රාමිකයින් 330,000ක් හා මිය ගිය විශ්‍රාමිකයිගේ කලත්‍රයන්ට එම ප්‍රතිලාභ ලබාදීමට නව රජය තීරණ කර තිබේ.
මේ අනුව 2015 අයවැයෙන් විශ්‍රාමිකයින් සඳහා වෙන් කළ මුදලට වඩා වාර්ෂික රුපියල් බිලියන 16ක් සහ මාසිකව රුපියල් බිලියන 1.8ක් රජයට වැය කිරීමට සිදු වී තිබෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.
මෙම විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර තිබෙන ඊට අදාළ අකෘති පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදීමෙන් අපහසුවෙන් තොරව කඩිනමින් විශ්‍රාමිකයන්ට වැටුප ලබා හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
kpm