ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලිංඩරයක මිල රුපියල් 100 කින් පහත දැමෙනු ඇත. පසුගිය ජූනි 04 දා එම සමාගමේ දී පැවැති මාධ්‍ය හමුවේ දී විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පැවසුවේ සමාගමේ දූෂණ වංචාවන් අනාවරණ කර ගැනීමෙන් පසු තව දුරටත් ගෑස් මිල පහත දැමිය හැකි වනු ඇති බවයි.
ඒ අනුව මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ දූෂණයන් හෙළිකර ගැනීමත් සමඟ ජනතාවට මෙම සහනය ලබා දීමට හැකි වූ බව මුණසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේ දී තව දුරටත් එවැනි දූෂණ වංචාවන් අනාවරණ කර ගැනීමට හැකි වුවහොත් එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.
ඒ අනුව කොළඹ ප්‍රදේශයට අදාළ නව මිල ගණන් පහත සඳහන් වේ.
කි.ග්රෑ. 12.5 ගෑස් සිලින්ඩරය - රු. 1,496.00
කි.ග්රෑ. 5 ගෑස් සිලින්ඩරය - රු. 632.00
කි.ග්රෑ. 2.3 ගෑස් සිලින්ඩරය - රු. 300.00
ලිට්රෝ ගෑස් මිල ගණන් සම්බන්ධ වැඩි විස්තර සඳහා 011-2505808 පාරිභෝගික සේවාව ඇමතිය හැකිය.
SDF