මෙහි පැමිණි චීන මහජන විමුක්ති හමුදාවේ සහායක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජි සියෑන්යුආන්, චීන මහජන විමුක්ති හමුදා සන්නද්ධ විශේෂ පොලිස් පුහුණු දෙපාර්තමේන්තුවේ උපදෙස් හා පර්යේෂණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කර්නල් යැන් බින්ග්වෙන්, බීජිං බලකායේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ කර්නල් ෂී ෂුඇන්ග්ෂු, ග්වැංඩොන්ග් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කර්නල් වෙයි වෙන්තාවෝ සහ චීන මහජන විමුක්ති හමුදා සන්නද්ධ පොලිස් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි මේජර් ලියු ඩෙලින් යුද හමුදාපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
මෙම හමුවේදී යුද හමුදාපතිතුමා සහ චීන නියෝජිත පිරිස, ඉදිරියේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත පුහුණු වැඩසටහන් පිළිබඳ සාකච්ජා කල අතර, ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයින් මෙම පුහුණුවේ දී දැක් වූ දක්ෂතා ද මෙහිදි ඇගයීමට ලක් කරන ලදි. එමෙන්ම, මෙම අවස්ථාව සිහි ගන්වමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මෙන්ම අධ්‍යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් අරුණ ජයසේකර ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Army/SDF