මෙහිදී රජයේ ගුරුවරුන්ගේ තැපැල් ඡන්දය ලකුණු කිරීම අගෝස්තු 03 වැනි දා සිදු කෙරෙන බවත් අධ්‍යාපන කලාප කාර්යාල, අධ්‍යාප කොට්ඨාස කාර්යාලය සහ ජාතික පාසල්වලදී එය සිදු කෙරෙන බව ඒ මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද අයදුම්පත් අදාළ තේරීම්භාර නිලධාරීන්ට ලබන 14 වැනිට හෝ ඊට පෙර ලැබිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා තැපැල් ඡන්ද දායකයින්ගේ නාම ලේඛනය තේරීම් භාර නිලධාරීන් විසින් සහතික කිරීම ලබන 22 වැනි දා සිදු කෙරෙන බව ද පැවසීය.
එසේම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු තැපැල් ඡන්ද දායකයින් වෙත තැපෑලට යැවීම ලබන 24 වැනිද සිදු කෙරෙන බව මොහොමඩ් මහතා වැඩිදුරටත් පැවසීය.
kpm