නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උ/පෙළ ප්‍රවේශ පත්‍ර නොලැබුණු විට දන්වන්න

    ජූලි 09, 2015
    අගොස්තු 04 වැනි දින අරම්භ කෙරෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නියමිත දිනට අයදුම්පත් ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත අදාළ තොරතුරු ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
     
    තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවිතාන්සිය මේ සඳහන් ඉදිරිපත් කළ යුතු බව කොසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
     
    එසේම ලැබුණු විභාග ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන, භාෂා සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය  පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් ලබන 24 වැනි දාට පෙර පාසල් විභාග සංවර්ධන ශාඛාව වෙත පැමිණ හෝ ෆැක්ස් මඟින් යොමු කර අදාළ සංශෝධන සිදු කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි.
     
    පාසල් විභාග සංවිධාන ශාඛාව- දූරකතන අංක  -     011-2784208 /2784537
                                               ෆැකස් අංකය   -     011 2784422 
     
    මේ වන විට විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබෙන අතර පාසල් වෙත ලැබුණු ප්‍රවේශ පත්‍ර කිසිම හේතුවක් නිසා විදුහල්පතිවරුන් වෙත තබා නොගෙන ප්‍රවේශ පත්‍ර නොපමාව අදාළ අයදුම්කරුවන් වෙත බෙදා දිය යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya