ඒ අනුව අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන උත්සවයේ දී මෙම මුද්දර පෙළ සහ සිහිවටන පත්‍රිකාව නිකුත් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතාගේ රුව ඇතුළත් රුපියල් 10.00 වටිනාකමින් යුතු ව සමරු මුද්දරය නිකුත් කෙරේ. රුපියල් 10.00, 15.00, 35.00 සහ 45.00 යන වටිනාකම්වලින් යුතුව දඹදෙනිය, යාපහුව, කුරුණෑගල සහ ගම්පොළ යුගයන්ට අයත් නිර්මාණයන් අනෙකුත් මුද්දර 04 මගින් නිරූපණය කොට ඇත.
පුලස්ති එදිරිවීර සහ ලකී ලියනගේ යන මුද්දර නිර්මාණ ශිල්පීන් අතින් මෙම මුද්දර පෙළ නිර්මාණය කොට ඇත.
DB