නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උ/පෙළ ප්‍රවේශ පත්‍රයට නව අංග 3ක් Featured

    ජූලි 07, 2015

    අයදුම්කරුවන්ගේ පහසුව සඳහා අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ඉහළ මට්ටමට ගෙන ඒමට කටයුතු කර තිබෙන බවත් ඒ සඳහා නව අංග 3ක් එක් කිරීමට කටයුතු කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    ඒ අනුව ප්‍රවේශ පත්‍රයට අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම, කුමන විෂය ධාරාවක් ද යන්න ඇතුළත් කිරීම සහ විභාග මධ්‍යස්ථාන අංකය ඇතුළත් කිරීම සිදු කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දා ආරම්භ කර අගෝස්තු 13 වැනි දා දක්වාත් නැවත අගෝස්තු 24 වැනි දින සිට සැප්තැම්බර් 8 වැනි දා දක්වාත් පැවැත්වේ.

    මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටින බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya