නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    30 සහ 31 පැවැත්වෙන විභාග

    මැයි 26, 2015

    ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ "සංවර්ධිත ද්විතීයික පාසල් 1,000 වැඩසටහන" සඳහා තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවා ගැනීම 2014 (2015) විභාගය ලබන 30 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් 1736ක් සුදුසුකම් ලබා සිටිති.

    සහකාර බන්ධානාගාර අධිකාරී/ සහකාර බන්ධනාගාර අධිකාරී ( පුනරුත්ථාපන) කායක්ෂමතා කඩඉම් විභාගය - 2015 ( නුහුරු භාෂාව පිළිබඳ ලිඛිත පරීක්ෂණය) ලබන 30 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.

    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (නව නිර්දේශය) - 2015 (I) විභාගය ලබන 31 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ.

    රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය -2014 (2015) සිංහල/දෙමළ (I/II/III වන මට්ටම) විභාගය ලබන 31 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන මධ්‍යස්ථානවලදී පැවැත් වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 65,000ක් පමණ පෙනී සිටිති.

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ගොඩනැගිලි පරීක්ෂක III ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත/විවෘත තරග විභාගය - 2015 විභාගය ලබන 31 වැනි දා කොළඹදී පමණක් පැවැත්වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya