මෙම සතියක කාලය පුරාවට විවිධ වූ වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්යංශය විසින් ප්රාදේශීය ශාසනාරක්ෂණ මණ්ඩලවලින හා ප්රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් සිදු කොට ඇත
ඒ යටතේ මෙම සතිය පුරා ශාසනාරක්ෂක බලමණ්ඩල, විහාරස්ථාන හා දහම් පාසල් මගින් දුම්වැටි නිවාරණය ක්රියාත්මක කිරීම, විහාරස්ථාන හා පිරිවෙන් ඉදිරිපිට දුම්පානය පිළිබඳ රූපමය අවවාද ඇතුළත් පුවර සවිකිරීම, මෙම කාලය තුළ ස්ව කැමැත්තෙන් දුම්වැටි අළෙවි කිරීමෙන් වලකින ලෙස භික්ෂූන් වහන්සේලා හා දහම් පාසල් දරුවන් විසින් වෙළෙඳසැල් හිමියන්ගෙන් කාරුණික ව ඉල්ලීම් සිදු කිරීම, දුම්වැටි විරෝධී චිත්ර, පෝස්ටර් තරග දරුවන් අතර පැවැත්වීම, කථික තරග පැවැත්වීම, දුම්පානයේ ආදීනව පිළිබඳ ව දේශන හා වැඩමුළු පැවැත්වීම සිදු කෙරේ.
DB