නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ට විශේෂ නිවාස ව්‍යාපෘතියක් Featured

    මැයි 25, 2015

    ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මාධ්‍යවේදීන් සඳහා විශේෂ නිවාස ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලත මහතා පැවසීය.

    එම නිවාස ව්‍යාපෘතිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට ආසන්නව පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් අක්කර 100කට ආසන්න භූමි ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු හෙට සිටම ආරම්භ කරන බව එහි නිරීක්ෂණ චාරිකාවක අද (25) නිරත වෙමින් අමාත්‍යවරයා  සඳහන් කළේය.

    මේ යටතේ නිවාස 1000ත් 1500ත් අතර නිවාස සංඛ්‍යාවක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා රාජ්‍ය හෝ පෞද්ගලික ආයෝජනය යටතේ සහන මිලට පහසුගෙවීමේ පදනම මත මෙම නිවාස මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආශිර්වාදය මෙම ව්‍යාපෘතියට එක් වී තිබෙන බවයි.

    මාධ්‍ය නිදහස පමණක් නොව නිදහස් මානසිකත්වයක් යටතේ මාධ්‍යවේදියාට වැඩ කිරීමට යහපාලනයක් සහිත රජය කටයුතු කරන බවත් ඉතිහාසයේ පළමු වරට මාධ්‍යවේදීන් සඳහා දැවැන්ත සුබ සාධනයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya