නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව මාරක රිය අනතුරට සම්බන්ධ සෙබළුන්ගේ සේවය යුද හමුදාපති අත්හිටුවයි

    මැයි 26, 2015
    පොලොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරේ යුද හමුදා ට්‍රක් රථයේ රියදුරු ඇතුළු හතරදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් රහිතව අත්හිටුවීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පියවර ගෙන ඇත.
     
    සේවා කටයුතු අවසන් කොට පසුගිය 21 වන දින කඳවුර වෙත පැමිණෙමින් තිබූ සෙබළුන් හතර දෙනෙකු සහිත යුද හමුදා ට්‍රක් රථය මෝටර් රථයක ගැටීම හේතුවෙන් එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත් වූහ. 
     
    ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේන හා නීති සේවා අධ්‍යක්ෂ කර්නල් එඩ්වඩ් ජයසිංහ යන මහත්වරුන් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණ අවසන් කළ පසු මෙම සෙබළුන් හතර දෙනා යුද හමුදා විනිසුරු අධිනීතිඥ ජෙනරාල් බ්‍රිගේඩියර් රංජිත් රාජපතිරණ මහතා යටතේ යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    යුද හමුදාපතිවරයා විසින් පොලිස් පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත උපදෙස් දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya