නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාරීරික අනතුරු සහ මානසික ආබාධයන් හි ඉහළ යාමක්

    මැයි 21, 2015
    කලාපයේ අනෙකුත් බෙහෝ රටවල මෙන්ම අප රටේත් බෝ නොවෙන රෝගවලට ලක්වීම ඉහළ ගොස් ඇත මෙය දේශයේ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 70% ක් බවත් ශාරීරික අනතුරු සහ මානසික ආබාධයන් හි ඉහළ යාමක් ද දක්නට ඇති බවත් 68 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    68 වන ලෝක සෞඛ්‍ය සමුළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේදී පසුගිය 18 දින ආරම්භ විය. මෙම සමුළුව ලබන 26 දින දක්වා පැවැත්විමට නියමිතය.

    මෙම සමුළුව සඳහා ලෝකයේ රටවල් 172ක් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරු මෙන්ම සෞඛ්‍ය නිලධාරීහු ද සහභාගී වෙති.

    "ප‍්‍රත්‍යස්ථිතික සෞඛ්‍ය විධික‍්‍රම උත්පාදනය"  යන්න තේමා කොට ගනිමින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සහභාගී විය.

    අමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය,  68 වෙනි ලෝක සෞඛ්‍ය සමුළුවේ ගරු සභාපති ධුරයෙන් පිදුම් ලද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප‍්‍රකාශ් නඩ්ඩා මැතිතුමන්ට පළමුවෙන්ම මගේ ප‍්‍රණාමය පිරිනමන්නෙමි.

    අද මෙහිදී මා සමග එක්ව සිටින ඇමති සමූහයා සමඟ ශී‍්‍ර ලාංකික මම ද, මෑතකදී නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් නේපාල භූමියටත්, එහි දේපොළවලටත් පුරවැසියන්ටත් සිදුවූ ඛේදවාචකය පිළිබඳව මගේ අතිශය සංවේගය පළකර සිටින්නෙමි.

     ර්‍ණනේපාලයටත් එහි ජනතාවටත් අපේ දයාබර අත හිත අවශ්‍ය වූ ඒ මොහොතේ අපි අපේ පලපුරුදු සහන සේවා කණ්ඩායම් පිටත් කළේ සිද්ධියෙන් පැය 24 ඉක්මවන්නටත් පෙරාතුවයි. ඒ අතරම නේපාලය මුහුණ දෙන, පුළුල් පරාසයක විහිදෙන අභියෝග ජය ගැන්ම උදෙසා අපේ අඛණ්ඩ සහයෝගය පිරිනැමීමට අපි සැදී පැහැදී සිටින්නෙමු.

    ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමේ අභිප‍්‍රායයෙන් අඛණ්ඩ මාර්ගෝපදේශක පිළිවෙතක නිමග්නව සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය මාග‍්‍රට් චෑන් සහ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂ ආචාර්ය පූණාම් සිං දෙපොලට මම මගේ හෘදයංගම ප‍්‍රණාමය පුද කර සිටින්නෙමි.

    රෝග වලක්වා ගැනීම සහ සුඛිත තත්ත්වයන් වර්ධනය කිරීමේහි ලා සියලු ම රටවල් එකම පොදු වේදිකාවකට ගෙන ඒමේ භාරදූර කාර්යභාරය සකී‍්‍රයවීම සත්‍ය වශයෙන්ම චිත්තාකර්ශණීයයි. ප‍්‍රශංසනීයයි.

    මේ වසර ආරම්භය තෙක් ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ අපේ මෛතී‍්‍රපාල සිරිසේන නව ජනාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන්, නව අභියෝගතා හා බැඳුණු අපේ සුවතා වර්ධනයේ නව අදියරයකට අපි පිවිසී සිටින්නෙමු. කලාපයේ අනෙකුත් බෙහෝ රටවල මෙන් මගේ රටෙත් සෞඛ්‍ය ගැටලු වඩාත් බෝ නොවෙන රෝග දෙසට නැඹුරුවී ඇත. මෙය දේශයේ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 70% කි. ඒ අතරම ශාරීරික අනතුරු සහ මානසික ආබාධයන්හි ඉහළ යාමක් ද දක්නට ඇත. මේ තත්ත්වය සමනය කිරීම සඳහා දැඩි උපක‍්‍රමික පියවර ගත යුතුව ඇත. අපේ අයවැයෙන් මේ සඳහා වන ප‍්‍රතිපාදන ඉහල නැංවෙන අතර ඊට අපේ සහභාගිත්වය ද වඩාත් තීව‍්‍ර කෙරෙනු ඇත.

    1930 සිට ම ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවතුණි. විචක්ෂණ සහ ඵලදායීවූ සෞඛාරක්ෂක ප‍්‍රාථමික තලයක සිට ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය පිළිවෙත් වර්ධනය කොට ඇත්තේ සමානාත්මතාවය පාදක කරගනිමිනි. මාතෘ සහ ළමා සෞඛ්‍යය, වැඩිහිටියන් රැකගැන්ම, සනීපාරක්ෂක පිළිවෙත්, පෝෂණය සහ බෝවෙන රෝග දුරැලීම වැනි ගැඹුරු කාරණා සම්බන්ධයෙන්, බිම් මට්ටමේ නිලධාරීන් වන පවුල් සෞඛ්‍ය සේවිකාවන්, සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයන්, දොරින් දොරට ගොස් උපදේශනයේ නියැලීම ඉතා ඵලදායී වී ඇත. අපේ රටේ කාන්තා සාක්ෂරතාවයේ ඉහල අගයත් හේතුවෙන් සංසන්දනාත්මකව අඩු වියදමකින්, මේ කි‍්‍රයාදාමය හරහා උසස් සෞඛ්‍ය තත්ත්වයක් රඳවා ගන්නට අපි සමත්ව සිටින්නෙමු. 2015 නිමාවේදී සමස්ත නිසි ඉලක්ක සපුරා ගැන්ම අපේ අරමුණයි.

    දශක දෙකකට පෙර අපි පෝලියෝ රෝගය අපේ රටෙන් තුරන් කළෙමු. මැලේරියාව 2012 ඔක්තෝබර් මාසයෙන් පසුව වාර්තා වී නැත. ශී‍්‍ර ලංකාව මැලේරියාවෙන් තොර දේශයක්ය යන සහතිකය අපි මේ වසර අගදී බලාපොරොත්තු වන්නෙමු. සුව සේවා අධ්‍යයනයට උචිත දේශයක් ලෙස මෙම කලාපයෙන් වූ ආගමනයන්ගේ උපරිමය වසර 2014 දී වාර්තා වී ඇත.

    ප‍්‍රත්‍යස්ථික සෞඛ්‍ය විධික‍්‍රම ගැන සලකා බැලීමේදී ශී‍්‍ර ලංකාව ගෝලීය සාම්පලයක් වන අතර ඒ බව කිහිප අවස්ථාවකදීම සනාථ කොට ඇත. 2004 දී සුනාමිය අපේ මුහුදු තීරය ගිලගත් අවස්ථවේදී, උතුරු හා නැගෙනහිර පළාත්වල බියකරු යුදමය වාතාවරණයක් තිබියදීත්, අපේ සෞඛ්‍ය විධික‍්‍රම රටාවේ ප‍්‍රත්‍යස්ථික බව අපි සනාථ කොට ඇත්තෙමු. අපේ පශ්චාත් සුනාමි සේවාවන් එකදු හෝ වසංගත රෝගයකට අවකාශ තැබුවේ නොවේ. 2008 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශය ආපදා කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කොට ජාතික සෞඛ්‍ය සේවාවේ පෙර සූදානම් වීමේ සැලැස්මක් ඒ තුළින් සැකසුණි. එය අද ද සකී‍්‍රයව පවතී.

    ප‍්‍රාථමික මට්ටමේ සෞඛ්‍යාරක්ෂණ විධික‍්‍රම ශක්තිමත් කරමින්, සෑම අන්දමකම ක්ෂණික රැකවරණ සැලසීමේ මංපෙත් විවර කරමින් වැඩෙන, වඩාත් උත්සුක ප‍්‍රාථමික සෞඛ්‍ය විධික‍්‍රම කෙරෙහි ශී‍්‍ර ලංකාව නිගමනාත්මකව අවතීර්ණව සිටී. මූලික අවස්ථාවේ සිට ම විශේෂ පුහුණු නිලධාරීන් යොමු කොට මතුවන වසංගත උපද්‍රව සහ ආර්ථික අභියෝග හඳුනා ගැනීමෙන් සහ හදිසි ආරක්ෂණ සැලසුම් සවිමත් කිරීමෙන්, වෙසෙසියාවක් සහිත ආරක්ෂණ ආයතන වඩාත් යහපත් ප‍්‍රතිචාර දක්වන අන්දම අපේ නව හදිසි අනතුරු හා දැඩි ආරක්ෂණ ප‍්‍රතිපත්තිය විසින් හඳුනා ගනු ලබයි. එමෙන්ම නව ඖෂධ නියාමන අධිකාරියක් ස්ථාපිත කොට ඇත. එමඟින් ඖෂධ සහ අදාළ උපාංගයන් හි තත්ත්ව පාලනයට සහ එවායේ මිල පාලනයට ඵලදායී පියවර ගනු ඇත.

    පොදු සෞඛ්‍ය සේවා නවීකරණය මෙන්ම බුද්ධිමය දේපල පිළිබඳ ගෝලීය උපක‍්‍රම සහ විධිමත් කිරීමේ සැලසුම ස්ථාපිත කිරීම සඳහා ජාතික තක්ෂේරු වාර්තාව දියත් කිරීමේදී ශී‍්‍ර ලංකාව ඊට පුරෝගාමී විය. 61 වන ලෝක සෞඛ්‍ය සම්මේලනයේ  නිර්දේශයන් සමඟ එය සම්බන්ධිත විය. නිරවද්‍ය නිර්දේශයන් මත කෙරෙන ඖෂධ නිපැයුම් නවීකරණය වෙනුවෙන් පැහැදිලි හා දියත් කළ හැකි ප‍්‍රතිපත්ති හඳුනාගැනීම සඳහා විවිධ ආයතන හා සෞඛ්‍ය අමාත්‍යංශය එකට එක් වනු ඇත.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya