එවැනි කිසිදු සිදුවීමක් වාර්තා නොවීමෙන් පැහැදිලි වන්නේ උතුරේ සහ නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදයට යළි නතුවීමට ඇති අකමැත්ත බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේද අරමුණ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාව අතර සංහිදියාව හා සහෝදරත්වය ගොඩනැංවීම බව පෙන්වා දෙයි. දකුණේ ජනතාව රවටමින් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් ගෙන යන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳ තමන් කණගාටු වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, කිසිදු විචාරයකින් තොරව එවැනි සාවද්‍ය ප්‍රකාශ රටතුල පැතිරවීමෙන් අන්තවාදී කල්ලි සහ කණ්ඩායම් වලට වාසි අත්වන බව ඔවුන් තේරුම් ගත යුතු බවද වැඩිදුරටත් පැවසීය.
දකුණු ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පසුගිය සමයේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ සැමරුම් වල මාධ්‍ය වාර්තා සහ ඡායාරූප උපයෝගීකර ගනිමින් සමාජ වෙබ් අඩවි කිහිපයක ඉතා නොසැළකිලිමත් අන්දමින් ගෙන යන සාවද්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
වත්මන් රජය කිසි විටෙකත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට හෝ වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයකට මෙරට යලි ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 19 වන දින ද ජාතිය අමතමින් සිදුකල කතාව දකුණේ ජනතාව යලි රැවටීමට උත්සාහ දරන දේශපාලඥයන් සහ අන්තවාදී අරමුණු ඇතිව කටයුතු කරන අය සිහිතබාගත යුතු බවද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අවධාරණය කළේය.
MOD/SDF