අද (21) පෙරවරුවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු නව ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අධ්‍යක්ෂකතුමිය මේ බව පැවසුවාය.
1973 ජාතික ලේඛනාරක්ෂක පනතට අනුව අදාළ කොමිෂන් සභා හෝ කමිටු ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දෙන ලේඛන වසර 30ක් රහස්‍ය ලේඛන ලෙස දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය කෙරෙන අතර ඉන්පසුව අදාළ කොමිෂන් සභාවේ හෝ කමිටුවේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව මහජනතාව සඳහා පරිශීලනයට විවෘත කෙරේ. ඒ අනුව, 1984ට පෙර පැවති ජනාධිපති විමර්ෂන කොමිෂන් සභා, විවිධ පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මඟින් සකසන ලද රහස්‍ය ලේඛන මෙලෙස මහජනතාවට විවෘත කෙරේ.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා මෙවැනි ලේඛන 189ක් දෙපාර්තමේන්තුව සතුව තිබෙන බවත් මේ වනවිට එම ලේඛනවලින් 60ක් වරින් වර මෙලෙස මහජනතාවට පරිශීලනය කර ඇති බවත් ඒ මහත්මිය කීවාය.
මේ දිනවල විවෘත කෙරෙන ලේඛන ඇගයීමකට ලක් කරමින් සිටින අතර යම් පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයට හානි වන යමක් වේ නම් ඒවා මහජනතාව සඳහා පරිශීලනයට විවෘත නොවන බවත් වැඩිදුරටත් ඇය ප්‍රකාශ කළාය.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂ චමිලා රාජපතිරණ මහත්මිය ද මෙම මාධ්‍ය සාකච්ඡාව හා එක්ව සිටියාය.