ඊයේ (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයක දී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙම ධුරයන් පිළිගන්වනු ලැබීය.
තම සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායකයා, එහි සභාපති සහ අනුශාසක ධුරයන් සඳහා පත් කිරීමේ ප්‍රතිපත්තිය මත මෙම ධුරයන් ප්‍රදානය කිරීම සිදු විය.
එසේම බාලදක්ෂ සංගමය විසින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත විශේෂ වැඩසටහන් සහ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සිදත් සාලිය යන මහත්වරුන් ඇතුළු එම ව්‍යාපාරයේ සහකාර සහ සහාය කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
kpm