රණ විරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යවරු ඇතුළු ව දිවි පූජා කරන ලද රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එදින පස්වරු 4 ට ආරම්භ වන උත්සවය පස්වරු 6 දක්වා පවත්වනු ලබන අතර මෙයට සමගාමීව ඉදිරියේ දී පළාත් මට්ටමින් ද අණුස්මරණ උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
දේශයට නිදහස උදා කරදෙමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ 21,000 කට අධික රණ විරුවන් සහ 12,000කට අධික පිරිසක් තම අඟපසඟ පූජා කළ රණ විරුවන් විසින් කරනු ලැබූ ජාතික මෙහෙවර හා උතුම් කැපකිරීම ජනතාවගේ සිත් සතන්වලින් ඈත් නොවී සදා අනුස්මරණය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබයි.
DB