හෙට (19) මාතර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රණ විරු සැමරුම් උත්සවය වෙනුවෙන් අද (18) සහ හෙට දින දෙකෙහි මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ රථවාහන සැලැස්මෙහි රාජකාරි කටයුතු සඳහා මෙන් ම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2363 දෙනෙකු සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රජයේ නිල පුවත් වෙබි අඩවිය වෙත සඳහන් කළේය.
ඒ අනුව අද (18) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 741දෙනෙකු යොදවා ඇත.
මීට අමතර ම රණ විරු සැමරුම පැවැත්වෙන ප්‍රදේශයේ සහ අවට ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1622දෙනෙකු ද යොදවා ඇත.
2015 රණ විරු සැමරුම් උළෙල හෙට මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
DB