ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට යටත්ව පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාව එකම ධජයක් යටතට පත් කරගත්තේ 2009 වසරේ මැයි මස 18 වැනිදා යි.
ජාතියේ ඓතිහාසික විජයග්‍රහණය සැමරීම සඳහා මේ වනවිටත් මුළු රටම සූදානමින් සිටියි. විජයග්‍රහණයේ ජාතික උත්සවය හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දී පැවැත්වීමට නියමිතයි. “සංහිඳියාව“ යන්න මෙවර විජයග්‍රහණ සැමරුම් ජාතික උළලේ තේමාව යි.
හෙට පැවැත්වෙන විජයග්‍රහණයේ ජාතික උත්සවය සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාව නාවික හමුදාව සහ ගුවන් හමුදාව පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ද හෙට දිනයේ පැවැත්වෙන ජාතික උත්සවයේ සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති බව සඳහන්ය.
SDF