බන්ධනාරයේ සිරකරුවන් සඳහා පැවති භාවනා වැඩසටහනක් අවසානයේ ඒ සඳහා පැමිණි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එම අත්අඩංගුවට ගත් මත් කුඩු සහ මුදල් පරික්ෂා කළේය.
මෙම සිරකරුවන් දෙදෙනා මත්කුඩු සම්බන්ධ චෝදනාවකට වැරදිකරුවන් වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙවිත් තිිබේ.
රුපියල් 1200ක් පමණ වටිනා මත් කුඩු පැකට් දෙකක් රුපියල් 2000ක මුදලක්, දුම්කොළ හා බීඩි මෙසේ අත්අඩගුවට ගෙන තිබේ.
පාවහන් යුවල දිගු අතට සිදුරු කිරිමෙන් පසුව මත් කුඩු හා මුදල් ඇතුළට දමා නැවත් එය අලවා තිබු බව බන්ධනාගාර ආරක්ෂක අංශ නිලධාරින් පවසයි.
බන්ධනාගාරගතව සිටින එම සිරකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මව සහ බිරිඳ විසින් මෙම මත් කුඩු සහ මුදල් ගෙනවිත් ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද පැමිණ තිබේ. ඔවුන් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර මත් කුඩු භාවිතා කරන වෙනත් පුද්ගලයෙකුගේ බලපෑම මත මෙම කාන්තාවන් මෙම ද්‍රව්‍ය ගෙන ඇතැයි අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මත් කුඩු හා මුදල් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පරික්ෂා කළ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරින් ද මෙම අවස්ථාවට එක් විය.
kpm