ඒ අනුව අද පැවැත්වෙන පෙළපාළියට යුද හමුදාව නියෝජනය කරමින් 3255ක පිරිසක්, නාවික හමුදාව නියෝජනය කරමින් 1615ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් 916ක්, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් 959ක් හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 555දෙනෙකු සහභාගි වෙති. මීට අමතර ව ආබාධිත භට පිරිස් මෙන් ම ප්‍රථම වරට විශ්‍රාමික හමුදා නිලධාරීන් ද සහභාගිවන මෙම ආචාර පෙළපාළිය සඳහා මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා විසින් අණ දෙනු ලබයි.
මීට අමතර ව යුද හමුදාවට අයත් රෙජිමේන්තුවවල මෙන් ම ගුවන් හා නාවික හමුදාවන් ට අයත් විශේෂ රථවාහන ඇතුළුත් රථ පෙළපාළියක් ද පැවැත්වීමට නියමිතය.
DB