නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සෑහීමකට පත්වේ Featured

    මැයි 13, 2015

    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය පිළිබඳව සෑහිමකට පත් වන බව ශ්‍රී ලංකාව සහ චීනය ප්‍රකාශ කරයි.


    ශ්‍රී ලංකාවේ ස්ථාවර විදුලි බල සැපයුමක් වෙනුවෙන් එම බලාගාරය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති Ren Faqiang මහතා අතර පැවති සාකච්ඡාවක දී අවධාරණය කෙරිණි.


    ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි බල සැපයුමෙන් සියයට 40ත්, 60ත් අතර ප්‍රමාණයකට එම බලාගාරය විසින් දායකත්වය සපයනු ලබයි. පසුගිය මාස 8ක කාලය තුළදී සුළු හෝ විදුලි බල ජනන බිඳවැටීමක් වාර්තා වී නොමැත. චීන විශේෂඥ්ඥයන් හා ඉංජිනේරුවන්ගේ සේවා සැපයීම හා වෘත්තීය නිපුණතාව එම සාකච්ඡාවේදී විදුලි බල අමාත්‍යවරයා විසින් අගය කර තිබේ. චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධාන හවුල්කරුවෙක් බව හෙතෙම එම හමුවේදී තවදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ පශ්චාත් ප්‍රතිසංවර්ධනය සහ සංවර්ධනය වෙනුවෙන් චීනයේ දීර්ඝකාලීන කැපවීමට ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව කෘතඥතාව පළ කරන බව විදුලිබල අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.


    එහිදී අදහස් දැක්වූ චීන නියෝජ්‍ය තානාපතිවරයා මෙම බලාගාරයෙන් කිලෝවොට් එකක විදුලි ජනනයක් වෙනුවෙන් වැයවන්නේ රුපියල් අටක් වැනි මුදලක් බවත්, එය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ඉතුරු කිරීමට හේතු වී ඇති බවත් සඳහන් කළේ ය.


    ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වන චීනය විදුලි බල මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සමඟ එක් ව පසුගිය වසර අටක කාලය තුළදී ඉහළ සහයෝගීතාවයකින් යුතුව කටයුතු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.


    ව්‍යාපෘතියේ සමස්ත විදුලි බල ජනනය ගිගාවොට් 8000කි. මෙම බලාගාරය හේතුවෙන් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන සියයකට වඩා වැඩි මුදලක් බලශක්ති උත්පාදන වියදමින් ඉතිරි කර තිබේ.  මේ වන විට පළමු වන අදියරේ විදුලි බල මණ්ඩල ආයෝජන ප්‍රතිපූර්ණ කර තිබේ. මෙම දැවැන්ත බලාගාරය ශ්‍රී ලංකාවේ විශාලත ම ලාභදායී ව්‍යාපෘතිය බව ඉන් පිළිබිඹු වෙයි.


    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාර අදියර තුන ම සම්පූර්ණ කර ගැනීමෙන් පසු විදුලි බල මණ්ඩලයට ඇමරිකානු ‍ඩොරල් මිලියන 1.5කට ආසන්න මුදලක් දිනපතාම ශූද්ධ ලාභයක් ලෙස උපයා ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya