නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කොඩියට නීති මාලාවක් එක් කිරීමට පියවර

    මැයි 13, 2015

    ජාතික කොඩිය භාවිතය පිළිබඳ රීති මාලාවල නීති මාලාවක් බවට පත් කිරීමට සූදානම් විකෘති කොඩි නිෂ්පාදනය කරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේ දී නිසි ප්‍රමිතීන් නොසලකා හරින නිෂ්පාදන ආයතනයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කෙරේ.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සම්මත කර ඇති SLS 693:1985 දරණ පිරිවිතරයන්ට පටහැනිව විවිධ ආයතන මගින් ජාතික කොඩිය නිෂ්පාදනය කෙරෙන බවත්, ඒවා විවිධ අවස්ථාවල භාවිත කෙරෙන බවටත් පැමිණිලි ලැබී තිබේ.

    එවැනි කොඩි නිෂ්පාදනයට හෝ භාවිත කිරීමට එරෙහිව ගතයුතු ක්‍රියා මාර්ග මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ රෙගුලාසි පැනවීමටත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

    ඊට අනුව ජාතික කොඩි නිෂ්පාදකයින්ට අදාළ රෙගුලාසිවලට අනුව කටයුතු කිරීම සඳහා මාස 06 ක සහන කාලසීමාවක් ලබා දීමටත්, ඉන් අනතුරුව ද එවැනි විකෘති කොඩි නිෂ්පාදනය කෙරෙන ආයතන වෙතොත් ඒවාට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා නීතිමය පියවර ගැනීමටත් මෙහි දී තීරණය විය.

    මීට අමතරව දීර්ඝ කාලීන පියවරක් වශයෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අනුගමනය කළ යුතු රෙගුලාසි සංග්‍රහය නීති සංග්‍රහයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාවකට ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා මේ වනවිට අත්සන් තබා ඇත.

    1986 වසරේ දී සම්පාදනය කරන ලද රීති සංග්‍රහයට අනුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අනුගමනය කළ යුතු පියවර දක්වා තිබේ. මෙය රීති මාලාවක් පමණක් වන අතර, කැබිනට් අනුමැතියෙන් අනතුරුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අදාළ නීති නොතකා හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිපාදන ස්ථාපිත කෙරෙන  බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya