ලේකම්වරයා මේ බව පැවසුවේ අද (13) කොළඹ පදනම් ආයතනයේ පැවති ජනමාධ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාතික සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මෙම සමුළුව අද (13) හා හෙට (14) දිනයන් හි කොළඹදී පැවැත්වෙනු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, නූතන ජනසන්නිවේදනය නිසා කෙටි කාලයක් ඇතුළත සියලු දෙනා එකට එකතුවෙලා. නමුත් අපේ රටේ ජනමාධ්‍ය සතුටුදායක මට්ටමක තිබේද? රාජ්‍ය මාධ්‍ය තිබිය යුතුද? යන්න ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන අපේ සමාජයට විචාරවත් අදහසක් තිබේද? රාජ්‍ය මාධ්‍ය තිබෙන ආණ්ඩුවේ හොරණෑවක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ජනමාධ්‍ය සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍යද යන්න ගැටලුවක්. අප පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍යයන් හි හැසිරීම දැක්කා. ජකමාධ්‍ය ජනතාව සඳහාද? ජනමාධ්‍ය බෙදාහැරීම ලාබය සඳහා ද යන්න අප සාකච්ඡා කළ යුතුයි.
ජනමාධ්‍යයන් වැඩ කළ යුත්තේ නීතියක් හෝ ආචාරධර්ම යටතේ ද යන්න අප සෙවිය යුතුයි. ජනමාධ්‍යකරුවන්ට ඇතැම් අවස්ථාවල මාධ්‍ය සඳහා ම නොව ආචාරධර්ම සඳහා ද නතුවිය යුතුයි. දැනට ලංකාවේ සිටින්නේ කුඩා ග්‍රාහක පිරිසක්. වැඩි මාධ්‍ය සංඛ්‍යාවක් ඇති නිසා වෙළෙඳපොළ අල්ලා ගන්න මාධ්‍යකරුවන් කටයුතු කරමින් සිටී. සම්ප්‍රදායික මාධ්‍ය, නව මාධ්‍ය එක් වී සමාජය ම ජනමාධ්‍ය බවට පත්වන විට මාධ්‍ය කළමනාකරණය අවශ්‍ය බව සාකච්ඡා කළ යුතුයි.
ජනමාධ්‍ය ප්‍රශ්න සමුදායක් සමඟ අපට ඉදිරියට යන්න සිදු ව ඇත. දීන යටත් වැසියන් සිටින රාජ්‍යයක් ද සක්‍රීය පුරවැසියන් සිටින ජනරජයක් හදාගන්නවා ද යන්න අප සාකච්ඡා කළ යුතුයි. ජාතීන් අතර සහයෝගිතාව, සමානාත්මතාව ඇති පුරවැසියන් සිටින රාජ්‍යයක් බිහිකරන්න නම් ජනමාධ්‍ය හැසිරීම ගැන සාකච්ඡා කළ යුතුයි. මාධ්‍ය නියාමනය හා තාක්ෂණ නියාමනය කරන්නේ කොහොමද යන ප්‍රශ්නය අප ඉදිරියේ පවතී. ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය දියුණු කරන්නේ කොහොමද? ජනමාධ්‍ය අතර ඇති අනවශ්‍ය පන්තිභේදය නැති කර ගන්නේ කෙසේද? යන්න අප සැලකිය යුතුයි. මේ ප්‍රශ්නවලට අදාළ වැඩපිළිවෙළකට මේ සමුළුවෙන් පසු මුල පුරන බවත් මේ රටට ජනමාධ්‍ය වෙනුවෙන් ජනතා කොමිසමක් අවශ්‍ය බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
NDH