නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යා පීඨ නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවේ

    මැයි 13, 2015

    අධ්‍යයන චාරිකාවක් සඳහා දිවයිනට පැමිණ සිටින නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ 20 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ඊයේ (12) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා මුණ ගැසිණි.

     
    අමාත්‍යංශයේදී ආරක්ෂක ලේකම්තුමා හා මෙම නියෝජිත පිරිස අතර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හා ප්‍රතිත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ ව සුහද සාකච්ඡාවක් ද පැවැත්විය.
     
     
    අනතුරුව මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක ලේකම් බස්නායක මහතා හා මෙම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පැමිණි කොමඩෝර් Chukwuka Joel Chiejile මහතා අතර සිහිවටන තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු වූ අතර ආරක්ෂක ලේකම්තුමා සමග මෙම නියෝජිත පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
     
     
    නයිජීරියාවේ යුද, නාවික හා ගුවන් හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මෙම දූත පිරිස පසුගිය 09වැනිදා දිවයිනට පැමිණ ඇති අතර 15දා දක්වා ශ්‍රී ලංකාවේ යුද ගුවන් හා නාවික හමුදාවලට අයත් ප්‍රධාන ස්ථානයන් ඇතුලත්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල චාරිකා කරනු ලබන අතර 16දා නැවත නයිජීරියාව බලා පිටත්ව යාමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya