රජයේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 12 බැගින් වැය කෙරෙන අතර මෙම නිවාස හිමියන් සඳහා බැංකු වටිනාකම සහිත ඔප්පුවක් ද ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මීට අමතරව ඉන්දීය ආධාර යටතේ ඉදි කිරීමට නියමිත වතු නිවාස 4,000හි ඉදි කිරීම් ද ඉන්දීය මහකොසාරිස් සමඟ සාකච්ඡා කර ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නුවර එළිය, මහනුවර, මාතර, බදුල්ල, රත්නපුරය, කෑගල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වතු නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පහසුකම් ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.
මීට අමතරව මිරියබැද්ද නාය යාම හේතුවෙන් නිවාස අහිමි වූවන් සඳහා මේ වන විට නිවාස 75ක ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අතර මෙම සියලු නිවාස ඉදි කිරීමේදී විශේෂ අධ්‍යයනයන් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට වතු නිවාස එක්ලක්ෂ හැට දහසක් පමණ තිබෙන අතර ඒ සියලු දෙනා වෙත ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ආරම්භ කරන බව වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා පැවසීය.
kpm