අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවේ දීය.
රිය අනතරුවලින් මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයන්ගේ ළමුන් වෙනුවෙන් හා රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ ආබාධිත වූ ළමුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම ‘ළමා කැපකරු භාරකාර ක්‍රමය‘ තුළින් මාසිකව කිසියම් ආධාර මුදලක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. දකුණු ආසියාතික රටක් මෙවැනි ක්‍රමයක් ආරම්භ කරනුයේ පළමු වතාවටය.
ඉදිරි සතිය ඇතුළත මාස්පතා ලබා දියයුතු මුදල පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳබ ජාතික සභාව සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවත් ජූලි 01වෙනිදායින් පසුව සිදුවන රිය අනතුරුවලින් අවතැන්වන හෝ තුවාල ලබන ළමුන් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.
ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයෙකු හෝ ළමයෙකු රිය අනතුරකට ලක් වූ පසු පරිවාස වාර්තා, ග්‍රාමසේවා වාර්තා, පොලිස් වාර්තා, රෝහල් වාර්තා සොයා බලා මෙම ආධාර මුදල ලබාදෙන බව ද ඔහු පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන ලෝක මාර්ග ආරක්ෂණ සතිය ඊයේ (04) සිට එළඹෙන 10වන ඉරිදා දක්වා යෙදී ඇති අතර මෙම වසරේ දී ‘ලෝක ළමා මාර්ග ආරක්ෂණ සතිය‘ ලෙස නම්කර ළමුන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
SDF